V-සම්මාන 2018 

නිහඬව සේවය කරන්නන් අගය කිරීම වෙනුවෙන්

මෙතෙක් ආ ගමන් මග

 

2011 දී එක්සත් ජාතීන්ගේ ස්වේච්ඡා වැඩසටහන (UNV) සමාජ සේවා අමාත්‍යාංශය : ස්වේච්ඡා සේවය පිළිබඳ ජාතික මෙහෙයුම් කමිටුව (V-සම්මාන) : තමා ජීවත්වන ප්‍රජාව තුල ජනතාවගේ යහපත වෙනුවෙන් නිහඬවවම සේවය කරන අයව හඳුනාගැනීම හා අගය කිරීම. එය  ශ්‍රී ලාංකික සමාජයේ යහපත වෙනුවෙන් ස්වාර්ථය පසෙක ලා සමාජය වඩාත් යහපත් කිරීම වෙනුවෙන් පරාර්ථකාමීව කටයුතු කල පුද්ගලයන් වෙත ස්තුති කිරීමට සහ ඔවුන්ගේ අඩිපාරේ අන් අයටත් යෑමට පෙලෙඹවීමට ගත් අවංක උත්සාහයකි.

ගෞරව කිරීමට. ආචාර කිරීමට

V-සම්මාන පළමු වරට පවත්වන ලද්දේ 2011 වසරේදී ය. V-සම්මාන ප්‍රධාන ලේකම් කාර්යාලයට විවිධ පුද්ගලයන් විසින් තම ප්‍රජාව තුල ධනාත්මක වෙනස්කම් සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දුන් පුද්ගලයන් 450 කට අධික සංඛ්‍යාවකගේ නම් යෝජනා කරන ලදී. අවසාන වටයට සුදුසුකම් ලැබූ 15 දෙනාගෙන්, හය දෙනෙකුට  ලංකාවේ ජනතාව වෙනුවෙන් කල සේවයට ප්‍රශංසා ලැබූ අතර, එක් අයෙක්  2011 වසරේ ස්වේච්ඡා සේවකයා ලෙසින් පිදුම් ලැබීය.

2011

ගෞරව කිරීමට. ආචාර කිරීමට

V-සම්මාන පළමු වරට පවත්වන ලද්දේ 2011 වසරේදී ය. V-සම්මාන ප්‍රධාන ලේකම් කාර්යාලයට විවිධ පුද්ගලයන් විසින් තම ප්‍රජාව තුල ධනාත්මක වෙනස්කම් සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දුන් පුද්ගලයන් 450 කට අධික සංඛ්‍යාවකගේ නම් යෝජනා කරන ලදී. අවසාන වටයට සුදුසුකම් ලැබූ 15 දෙනාගෙන්, හය දෙනෙකුට  ලංකාවේ ජනතාව වෙනුවෙන් කල සේවයට ප්‍රශංසා ලැබූ අතර, එක් අයෙක්  2011 වසරේ ස්වේච්ඡා සේවකයා ලෙසින් පිදුම් ලැබීය.

2011

ජලය සඳහා ස්වේච්ඡා සේවය

2013 වසරේ පැවැත්වූ V-සම්මාන උළෙලද එකම අයුරින් පවත්වන ලදී. මෙහිදීද, සමාජයට අතිවිශේෂ දායකත්වයක් ලබා දුන් පුද්ගලයන්ට ගෞරව කිරීම හා ආචාර කිරීම සහ සමාජයීය කටයුතු සඳහා පුද්ගලයන් ස්වේච්ඡා සේවයට පෙළඹවිය හැකි පරමාදර්ශී චරිත හඳුනා ගැනීම සිදු කෙරුණි.

2013

ජලය සඳහා ස්වේච්ඡා සේවය

2013 වසරේ පැවැත්වූ V-සම්මාන උළෙලද එකම අයුරින් පවත්වන ලදී. මෙහිදීද, සමාජයට අතිවිශේෂ දායකත්වයක් ලබා දුන් පුද්ගලයන්ට ගෞරව කිරීම හා ආචාර කිරීම සහ සමාජයීය කටයුතු සඳහා පුද්ගලයන් ස්වේච්ඡා සේවයට පෙළඹවිය හැකි පරමාදර්ශී චරිත හඳුනා ගැනීම සිදු කෙරුණි.

2013

හඳුනාගැනීම. ගෞරව කිරීම. පෙළඹවීම

තව තවත් ලාංකිකයන් ස්වෙච්ඡා සේවයට පෙළඹවිය හැකි පුද්ගලයන් පිලිබඳව සමාජය දැනුවත් කිරීමේ අපගේ සම්ප්‍රදාය ඉදිරියට ගෙන යමින්, 2015 වී-සම්මාන උළෙල, ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ස්වාර්ථය ගැන නොසලකා කටයුතු කල පුද්ගලයන් හඳුනාගැනීම සහ ගෞරව කිරීම තුලින් අන්‍යයන්වත් ස්වේච්ඡා සේවයට පෙළඹවීමට උත්සහ ගත්තේය.

2015

හඳුනාගැනීම. ගෞරව කිරීම. පෙළඹවීම

තව තවත් ලාංකිකයන් ස්වෙච්ඡා සේවයට පෙළඹවිය හැකි පුද්ගලයන් පිලිබඳව සමාජය දැනුවත් කිරීමේ අපගේ සම්ප්‍රදාය ඉදිරියට ගෙන යමින්, 2015 වී-සම්මාන උළෙල, ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ස්වාර්ථය ගැන නොසලකා කටයුතු කල පුද්ගලයන් හඳුනාගැනීම සහ ගෞරව කිරීම තුලින් අන්‍යයන්වත් ස්වේච්ඡා සේවයට පෙළඹවීමට උත්සහ ගත්තේය.

2015

සාම සාධනය වෙනුවෙන් ස්වේච්ඡා සේවයේ යෙදීම

ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ස්වාර්ථය ගැන නොසලකා කටයුතු කල පුද්ගලයන් හඳුනාගැනීම සහ ගෞරව කිරීම, සාමය ගොඩනැංවීම සඳහා ස්වේච්ඡා සේව‍යේ යෙදෙන්නන් සඳහා විශේෂ ඇගයීමක් කිරීම.

2018

සාම සාධනය වෙනුවෙන් ස්වේච්ඡා සේවයේ යෙදීම

ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ස්වාර්ථය ගැන නොසලකා කටයුතු කල පුද්ගලයන් හඳුනාගැනීම සහ ගෞරව කිරීම, සාමය ගොඩනැංවීම සඳහා ස්වේච්ඡා සේව‍යේ යෙදෙන්නන් සඳහා විශේෂ ඇගයීමක් කිරීම.

2018

ඒකාබද්ධ අනුග්‍රාහකත්වය   

V-සම්මාන වීරයන්

 

 

ඔවුන්ගේ වැඩකටයුතු ප්‍රජාව බලාත්මක කර ඇති අතර, පොදු අරමුණක් වෙනුවෙන් ගම්මාන එකතු කර ඇත. ඔවුන් තරුණයන් සහ වැඩිමහල්ලන් අතර බලාපොරොත්තු ඇතිකරමින්, ඔවුන්ගේ ධෛර්ය සම්පන්න කතා තුලින් මනුෂ්‍යත්වය පිළිබඳ අපගේ විශ්වාසය වර්ධනය කර ඇත. ඔවුන්ගේ  අඛණ්ඩ උත්සාහය සහ සාර්ථකත්වය අපව වඩා හොඳ මිනිසුන් වීමට පොළඹවන අතර, අපේ විශ්වාසය නම් ඔවුන්ගේ ජිවිත කතා කියවීමෙන් ඔබ තුලත් ස්වේච්ඡා සේවයේ යෙදීමට ආශාවක් ඇති වනු ඇත යන්නයි.

Home_11_Img_5

2018 වර්ෂයේ ස්වේච්ඡා සේවකයා කවුරුන් විය හැකිද?

පරාර්ථකාමයට කිසිඳු භාෂාවක් නොමැත.....

අපි ඔවුන්ට ගරු කරමු.....

දැන්ම යෝජනා කරන්න.....

මානසික සෞඛ්‍යය පිළිබඳ ජාතික ආයතනයේ (NIMH) අධිකරණ වෛද්‍ය ඒකකයේ ස්වේච්ඡා සේවයේ යෙදී සිටියදී වසරේ තරුණ ස්වේච්ඡා සේවකයා සම්මානයෙන් පිදුම් ලැබීය. මේ වන විට ඇය NIMH ආයතනයේ කටයුතු වලට සහය ලබා දීම සඳහා ස්වේච්ඡා සේවකයන් එක්කරගැනීමට හැකි නව ක්‍රමවේද පිළිබඳ සොයමින් සහ එකී නව ක්‍රමවේද ක්‍රියාවෙහි යෙදවිය හැකි අකාර පිළිබඳ විශ්ලේෂණය කරමින් සිටින්නීය.

නිසි ලෙස ජලය සැපයීමට නොහැකි වීම නිසා නාලක ඇතුලු මිරාහවත්ත ගම්වැසියන් වසර 40 ක් තිස්සේ දුක් විඳිමින් සිටියහ. ගම්මානයට පානීය ජලය සැපයීමේ ව්‍යාපෘතියක් දියත් කිරීමට නාලක යෝධ පියවරක් ගත්තේය. තවද ඔහු ශ්‍රී ලාංකිකයන්ට පානීය ජලය නොමැති ගම්මාන වලට ආධාර කිරීමට උනන්දු කිරීමට උත්සහ ගනී.

මොහු වෘත්තියෙන් මෘදුකාංග ඉංජිනේරුවරයෙකි. සමාජයීය මාධ්‍ය ජාලා යොදාගනිමින් අවශ්‍යතා ඇති අය පිළිබඳව දැනුවත් කිරීම සහ ඔහුගේ සංවිධානය හරහා ධනාත්මක සමාජ වෙනස්කම් ඇති කිරීම සඳහා ඔහු උත්සාහ දරයි. අවශ්‍යතා ඇති අයව හඳුනා ගැනීම සඳහා ඔහු විවිධ ප්‍රදේශවල සංචාරය කරන අතර, මෙම ව්‍යාපෘති හරහා ඔහු පුද්ගලයන් 15,000 කට පමණ සහන සලසා ඇත.

වෘත්තියෙන් මුද්‍රණ ශිල්පියෙකි. බොල්ගොඩ තෙත්බිම් පද්ධතිය ආරක්ෂා කිරීම සහ සංරක්ෂණයට නිලුපුල් කැපවී සිටී. ඔහු දල්තර පාරිසරිකයෝ සංවිධානයේ නිර්මාතෘ වන අතර, ඔහු පාරිසරික සංරක්ෂණය හා ඔහුගේ ප්‍රජාව තුළ තිරසාරී සංවර්ධනයක් ඇති කිරීම සඳහා ස්වේච්ඡා සේවයේ නිරත වෙයි.

දිරි සටහන් 2015

වෘත්තියෙන් මුද්‍රණකරුවකු වූ නිලූපුල්, බොල්ගොඩ ජලාශයට මායිම්ව දැල්තර ධීවර ගම්මානයෙහි හැදී වැඩුණේය. කුඩා දරුවකු ලෙස, යහළුවන් සමඟ ඔවුන් විසින් සදා ගත් බිලිපිති මඟින් ඉස්සන් ඇල්ලීමට ඔහු පුරුදු වී සිටියේය, 70 දශකයේ දී හඳුන්වාදෙනු ලබූ විවෘත ආර්ථීකයත් සමඟ මෙම ප්‍රදේශය සංචාරක කේන්ද්‍රයක් බවට පත් විය. ආයෝජකයින් හෝටල් සහ ආපන ශාලා ඉදි කිරීමට පටන් ගැනීමත් සමඟම ධීවරයින්ගේ ජීවිකාව අඩපණ වූවා පමණක් නොව, එහි පරිසර පද්ධතිය ද දැඩි අවධානමට ලක් විය.
ඔහු මෙම ප්‍රදේශය ආරක්ෂා කිරීම සඳහා බොල්ගොඩ ජලාශයට මායිම්ව තිඛෙන භූමි අලලා කෙරෙන ඉදි කිරීම් වලට අදාළ ආයතනවලට එරෙහිව හඬ නැඟුවේය. දැල්තර ප්‍රදේශයේ පුද්ගලයන් ද මේ සඳහා උනන්දු කරවූ ඔහු, දැල්තර පාරිසරිකයෝ පදනම පිහිටුවීමට මූලික විය.
මෙම සංවිධානය විවිධ ස්තර නියෝජනය කරන විවිධ පුද්ගලයින් සහභාගී කර ගනිමින් බොල්ගොඩ ජලාශය ආශ්‍රිත පරිසර පද්ධතිය රැක ගැනීම වෙනුවෙන් කතිකාවක් සංවිධානය කළේය. සංගමයේ සභාපති ලෙස නිලූපුල් මහතා, සිදු වන විනාශය වලක්වා ගැනීම සඳහා වගකිව යුතු නිලධාරීන්ගේ අවධානය ලබා ගැනීමට වෙහෙස මහන්සි වී ක්‍රියා කළේය. තවද බොල්ගොඩ ජලාශය ආශ්‍රිතව සිදු වන ඉදිකිරීම්හි අයුතු බලපෑම් සම්බන්ධ තොරතුරු එක් රැස් කිරීමට ඔහු කටයුතු කළේය.
කෙසේ වෙතත් වග කිව යුතු නිලධාරීන් මෙම සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා බවක් පෙනෙන්නට නොතිබිණි. මෙහි ප්‍රතිඵලයක් ලෙස බොල්ගොඩ ජලාශය ආශ්‍රිතව සිදු කෙරෙන ඉදි කිරීම්වලට අදාළ ආයතනයන්ට එරෙහිව ක්‍රියා කිරීමට නීතිමය පියවර ගැනීමට දැල්තර පාරිසරිකයෝ කටයුතු කළහ. තර්ජනයන්ට හා අභියෝගයන්ට නොබියව මුහුණ දෙමින් නිලූපුල් සහ ඔහුගේ සංගමයේ සාමාජිකයෝ  බොල්ගොඩ පාරිසරික පද්ධතිය අනාගත පරපුරට රැක ගැනීමේ අරගලයට සහභාගී වූහ.
ඔහුගේ මෙම උත්සාහයන්හි ප්‍රතිඵලයක් ලෙස දේශීය නිලධාරීන්ට සහ ව්‍යවසායකයින්ට ඉදි කිරීම් සිදු කිරීමේදී පාරිසරික සංරක්ෂණ නීතීන්ට අනුකූලව සිදු කරන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරන ලදී. මෙය දැල්තර ජනතාව ලබා ගත් විශාල ජයග්‍රහණයකි.
නිලූපුල් මහතා අද වන විටත් බොල්ගොඩ පාරිසරික පද්ධතිය ආරක්ෂා කිරීමේ දැවැන්ත කාර්යයභාරයෙහි අවංකව සහ දැඩි කැපවීමකින් කටයුතු කරනු ලබයි. එමෙන්ම කලාව උපයෝගී කර ගැනීමෙන් මෙම පාරිසරික විනාශය වලක්වා ගැනීමට ඔහු වෙහෙසෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස පාසල් ළමුන්ගේ සහභාගීත්වයන් චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වනු ලැබිණි.
වර්තමානයේ ලංකාව තුළ සිදුවන සීඝ්‍ර සංවර්ධනය, පාරිසරික පද්ධතීන් දැඩි තර්ජනයට ලක් කර ඇත. මෙවන් යුගයක එය මතු පරපුරට රැක ගැනීම සඳහා නිලූපුල් මහතා ගන්නා උත්සාහය ඇති මහත්ය. ඔහු තම ප්‍රජාව මේ සඳහා සහභාගී කර ගැනීමට වෙහෙසෙන අතර, එමඟින් ප්‍රතිපත්තිමය වෙනසක් කිරීමට තවදුරටත් බලාපොරොත්තු වේ.

 

සමාජ වෙබ් අඩවි සන්නිවේදනය උදෙසා පමණක් නොව, සමාජයේ වෙනසක් ඇති කිරීමට උපයෝගී කර ගත හැක. වෘත්තියෙන් මෘදුකාංග ඉංජිනේරුවරයෙකු වූ ධනේෂ් සමාජ ජාලා වෙබ් අඩවි යොදා ගනිමින් සමාජය තුළ ධනාත්මක වෙනසක් සිදු කිරීමට වෙහෙස මහන්සි වී කටයුතු කරයි. මේ සඳහා මොහු විසින් සමාජ සත්කාරගකන :ී්ප්ව් ී්එයන්ර්ගකන- පදනම පිහිටුවනු ලැබීය. මෙය සමාජ ජාලා උපකාරී කර ගනිමින් මිනිසුන්ගේ ජීවිත නඟා සිටුවීම සඳහා නිර්මාණය කරන ලදී.
අඩු පහසුකම් සහිත ගමකට ගොස්, ගෙයින් ගෙට යමින් ගැමියන් සමඟ කතාබහ කොට ඔවුන්ගේ අවශ්‍යතා හඳුනා ගැනීම ධනේෂ්ගේ දින චර්යාවේ එක් අංගයකි. මෙම චාරිකාවන්හි දී ඔහු ලබා ගත් ඡායරූප ඔහුගේ ෆෙස්බුක් :ේජැඉදදන- වෙබ් අඩවියට මුදා හැරේ. මෙය ධනේෂ් ගේ සමාජ සේවාවන් සඳහා අනුග්‍රාකත්වය දැක්වීමට කැමති පිරිස් සඳහා කදිම අවස්ථාවකි. තව ද, මොහු පාසල් ළමුන් සඳහා පාසල් පොත් ද අඩු ආදායම්ලාභී පවුල් සඳහා වියළි අහාර හා ගර්භර්‍ණ මාතාවන් හට අවශ්‍ය පෝෂණ අතිරේක ලබා දීම ද සිදු කරයි. විවිධ පරිත්‍යාගශීලීන් විසින් දෙනු ලබන අනුග්‍රහයෙන් ධනේෂ් සහ ඔහුගේ කණ්ඩායමට විවිධ ගම්මානයන් හී වෙසෙන අන්ත දුගී පවුල් සඳහා ස්ථීර නිවාස සහ සනීපාරක්ෂක පහසුකම් ලබා දීමට අවස්ථාව සලසා දී ඇත.
තොරතුරු තාක්ෂණය ඉගෙනීමට උනන්දුවක් දක්වන ළමුන් සඳහා දිගුකාලීන ශිෂ්‍යත්ව ලබා දීමට ධනේෂ් කටයුතු කරයි. මෙම පදනමෙහි තවත් එක් සත්කාරයක් වනුයේ ශාරීරික ආබාධයන්ගෙන් යුත් පුද්ගලයින්ට දෛනික කටයුතු පහසුවෙන් කරගැනීම සඳහා උපකාරී කිරීමයි. ඒ වෙනුවෙන් කෘතීම පාද, රෝද පුටු සහ අත්වාරු මොවුන් සඳහා ලබා දුන් උපකරණ වේ.
සතියට කිලෝමීටර 1800ක් වැනි දුරක් ගමන්කොට උපකාර අවශ්‍ය මිනිසුන් සොයා යන ධනේෂ් ඔහුගේ මෙහෙයුම්වලින් 15,000කට අධික පිරිසකට උදව් උපකාර කර ඇත. සතියේ දවස් 6ක්ම මෙම මෙහෙයුමට කැපවූ ධනේෂ් අවුරුදු 5ක් පුරාවටම මෙම සේවයේ ස්වේච්ඡාවෙන් නියැලී සිටියි. එම නිසාවෙන්ම සමාජ වෙබ් අඩවිවල ඔහු ඉතාමත් කීර්තියට පත් වූ පුද්ගලයෙකු බවට පත් වී අවසන්ය.
යහපත් සමාජයක් බිහි කිරීමට ඔහු තුළ වූ ආශාව සහ අධිෂ්ඨානශීලීභාවය ධනේෂ්ට එල්ල වූ අභියෝගයන්ට හා බාධකයන්ට නොබියව මුහුණ දීමට උපකාරී විය. මෙම පදනම හුදෙක්ම දරිද්‍රතාවයෙන් පීඩා විඳින මිනිසුන්ගේ ජීවිත පිළිබඳ සමාජය දැනුවත් කරනවා පමණක් නොව ඔවුන්ගේ ජීවිත නඟා සිටුවීමට ද යෝධ ශක්තියක් වේ. සමාජ වෙබ් අඩවි උපයෝගී කර ගනිමින් සමාජ සේවාවන්හි නිරත වන ධනේෂ් නූතන තාක්ෂණය කෙතරම් දුරට යහපත් සමාජයක් බිහි කිරීමට යොදා ගත හැකි ද යන්න මොනවට පැහැදිළි කරයි.

 

විශේෂ අවෂ්‍යතා සහිත දරුවන් යනු, ඉගැනීමේ අක්‍රමිකතා, ප්‍රජානන අක්‍රමිකතා, සුව කළ නොහැකි රෝගයන් හෝ අඩු වර්ධන වේගයන් යන සාමාන්‍ය දරුවකුගේ වර්ධනයට බාධා වන රෝග ලක්ෂණ පෙන්වන දරුවන් පිරිසකි.
නොමේරූ දරුවකු ලෙස ඔටිසම්, මස්තිෂ්ක ආඝාතය හා අන්ධභාවය ද සහිතව මෙලොවට බිහි වූ ශිවන් පුතු රැක බලා ගැනීම ගනේස්් සහ ඔහුගේ බිරිඳට මහත් අභියෝගයක් විය. ශිවන් පුතු දිනෙන් දින වැඩෙත්ම විශේෂ අවශ්‍යතා සහිත දරුවකු රැක බලා ගැනීමේ දී මවුපියන් ලෙස ගනේස්්ට සහ ඔහුගේ බිරිඳට බොහෝ බාධක සහ අභියෝගවලට මුහුණ පෑමට සිදු විය. තම පුතුගේ මෙම රෝගී තත්ත්වය, ගනේස්් මහතාට ශිවන් පදනම නිර්මාණය කිරීමට බලපෑ මූලික කාරණාව විය. මෙම පදනම විශේෂ අවශ්‍යතා සහිත දරුවන් රැක බලා ගන්නා පුද්ගලයන්ට මහත් උපකාරයක් වේ.
ලන්ඩන් නුවර ව්‍යවසායකයෙකු ලෙස සේවය කළ ගනේස්්, ඉන් අනතුරුව ලංකාවට පැමිණ පදනම පිහිටුවා ගැනීමට තීරණය  කළේය. මෙම ආයතනය ඉදිකිරීමේ පළමු පියවර 2011 වර්ෂයේ දී මහනුවර තෙල්දෙණිය නගරයේ දී සිදු වූ අතර 2013 වන විට මෙය මහජනතාව සඳහා විවෘත විය. වර්තමානයේ මෙම ආයතනය ළමුන් 70 දෙනෙකුගේ ස්ථීර නිවහන බවට පත් වී ඇති අතර ළමුන් සඳහා මෙමඟින් වෘත්තීමය රැකවරණය ලබා දේ. මෙම පදනම නේවාසික ළමුන් සඳහා ආයුර්වේද ප්‍රතිකාර සහ අධ්‍යාපන පහසුකම් ලබා දේ. මෙම ආයතනය zශිරෝධාරZ, zශිරෝවස්ථීZ සහ zකටිවස්ථීZ යනා දී පංච කර්ම යොදා ගනිමින් සිද්ධ ආයුර්වේද ප්‍රතිකර්ම ද ලබා දෙන අතර තව ද, මෙම පදනම යටතේ ක්‍රියාත්මක වන විශේෂ අවශ්‍යතා සහිත ළමුන් සඳහා වන පාසල ඔවුන්ගේ සාමාන්‍ය ප්‍රතිකාරවලට අමතරව ශබ්දචිකිත්සාව, ජලචිකිත්සාව සහ භෞතචිකිත්සාව යනාදී පහසුකම් ලබා දේ.
අද වන විට මෙහි ශාඛා යාපනය, මුලතිවු, ත්‍රිකුණාමලය, උකුවෙල, පන්විල සහ ඔරුතොට යන ප්‍රදේශයන් පුරා විහිදී ඇත. දෙසතියකට වරක් යාපනයේ සිට ස්වේච්ඡාවෙන් පැමිණෙන වෛද්‍යවරුන් මධ්‍යස්ථානයට පැමිණෙන ළමුන් සඳහා අවශ්‍ය ප්‍රතිකාර සපයා දේ. තවද මෙම මධ්‍යස්ථානයට විවිධ ආගම් මෙන්ම විවිධ පසුබිම් නියෝජනය කරන ගුරුවරුන් සහ ස්වේච්ඡා සේවකයින්ගේ උපකාරය ද නොඅඩුව ලැබේ.
මෙම ආයතනය කිසිදු ජාති ආගම් භේදයකින් තොරව විශේෂ අවශ්‍යතා සහිත ළමුන් 500කට වැඩි ප්‍රමාණයකට උපකාර කර ඇත. අඩු ආදායම්ලාභී පවුල්වල විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා නොමිලේ ප්‍රතිකාර ලබා දීමෙන් නොනැවතෙන ඔහු ඔවුන් සඳහා අමතර දීමනාවක් ලබා දීමට කටයුතු කරයි.
ගනේස් තම ආදායමෙන් වැඩි කොටසක් මෙම පදනමේ වැඩ කටයුතු සඳහා යොදවනවා මෙන්ම විවිධ අනුග්‍රාහකයින්ගේ දායකත්වය ද මේ සඳහා නොමසුරුව ලැබේ. මෙම පදනමේ මඟ පෙන්වීම සහ රැකවරණය යටතේ අද වන විට විවිධ ශල්‍යකර්ම සඳහා විදේශගත වූ ළමුන් ගණන අපමණය.
ගනේස්් ඔහුගේ මෙන්ම අනෙකුත් මිනිසුන්ගේ දෛවය ද අභියෝගයට ලක් කළ මිනිසෙකි. ඔහුගේ අප්‍රතිහත උත්සහය සහ නොසැලෙන අධිෂ්ඨානය විශේෂ අවශ්‍යතා සහිත ළමුන්ගේ අනාගතයට නව බලාපොරොත්තුවක් එක් කිරීමට සමත් විය.

 

ස්වේච්ඡා සේවය › ලාංකික සංස්කෘතියේ මුල් බැසගත් සංකල්පයකි. සමාජයේ ගැටළු විසඳීම සඳහා ප්‍රජා මූලික සංවිධාන පිහිටුවනු ලැබේ. බොහෝ විට මෙම ප්‍රජාවන් ගම්වාසීන් විසින් පත් කර ගනු ලැබූ නායකයෙකු යටතේ ක්‍රියා කරයි. චන්ද්‍රසිරි යනු එවන් එක් පුද්ගලයෙකි.
පොහොරබැව ගමෙහි ඔහු ස්වේච්ඡා සේවය ආරම්භ කරනු ලබන්නේ 1961 වැනි ඈත අතීතයේ දීය. ස්වේච්ඡා සේවකයෙකු වූ ඔහුගේ පියාගේ අඩිපාරේ ගමන් කරන චන්ද්‍රසිරි, තරුණ වියේදීම ප්‍රජා සංගමයේ සභාපතිවරයා ලෙසට තේරී පත් විය. එතැන් සිට නැවත නැවතත් තේරී පත් වූ ඔහු අද වන විටත් සංගමයේ නායකත්වය හොබවයි.
අධ්‍යාපනය, ප්‍රජා සංවර්ධනය හා ග්‍රාමීය සංවර්ධනය වැනි විවිධ ක්ෂේත්‍ර පෙරමුණු කොටගෙන මොහු කටයුතු කරයි. ගමේ පාසල වැසී යාමට ආසන්නව තිබිය දී මූල්‍යමය ආධාර ලබා දී එය නැවත පණ ගන්වන්නට ඔහු කටයුතු කළේය. රජය මඟින් චන්ද්‍රසිරි මහතා විසින් පරිත්‍යාග කරන ලද ඉඩමේ පිහිටුවනු ලැබූ රෙදි මෝල විරැකියාවෙන් පෙළුණු තරුණයන් බොහොමයකට රැකියා අවස්ථා ලබා දෙයි. සමූපකාර සමිති ගොඩනැඟිල්ලක් ඉදි කිරීම සඳහා ඉඩමක් පරිත්‍යාග කිරීමට ඔහු විසින් ඔහුගේ පියාව පොළඹවනු ලැබීය.
චන්ද්‍රසිරි විසින් හඳුන්වා දෙනු ලැබූ තොරතුරු තාක්ෂණ අධ්‍යාපන වැඩසටහන තරුණ තරුණියන්ගේ හැකියාවන් වර්ධනයට මහත් රුකුලක් විය. ගම්මානය පුරා ගමන් කිරීමේ පහසුව සැලසීම සඳහා මාර්ග සංවර්ධනය කෙරෙහි ද ඔහුගේ අවධානය යොමු විය. අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දී ඔවුන්ගේ අධ්‍යාපනය දිරි ගැන්වීමත්, ගැබිණි මාතවන් හට මූල්‍ය ආධාර ලබා දීමත් ඔහුගේ සේවාවේ තවත් පැතිකඩක් වේ.
නොයෙක් ආකාරයෙන් ගම්මානයට නායකත්වය සපයන ඔහු විවිධ සිවිල් කටයුතුවල දී ශක්තිය හා දිරිය සපයන්නා විය. ඔහුගේ නායකත්වය හා මෙහෙයවීම යටතේ ගම්වාසීන්ගේ සාමූහික ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් ලෙස, පරකඩුව ප්‍රදේශයේ නා ගස විනාශ කිරීම වැළැක්වීට හැකි විය. පසුව එය ආරක්ෂිත ගසක් ලෙස නම් කරන ලදි. ඔහු විසින් පොහොරබැව ප්‍රදේශයේ zතරුණ සහ ග්‍රාමීය මිනිසුන්ගේ සහජීවනයZ පිහිටුවනු ලැබීය. මෙය ගම්මානයෙහි සංවර්ධය සඳහා උපයෝගී විය.
ප්‍රජා නායකයෙකු ලෙස චන්ද්‍රසිරි මහතා ස්වේච්ඡා සේවාවේ සැබෑ අරුත ලොවට පෙන්වා දී ඇත්තේ ගම්මානයටම ආදර්ශයක් වෙමිනි. මනුෂ්‍යත්වය වෙනුවෙන් කටයුතු කිරීමට ඔහු තවදුරටත් පරාර්ථකාමීව හා කැපවීමෙන් බැඳී සිටියි.

 

ධීවර පවුලකට උපන් තිසේරා පියතුමා ලංකාවේ බටහිර වෙරළ තීරයේ තම ළමා කාලය ගත කළේය. එතුමා කුඩා දරුවකු ලෙසම, මත්ද්‍රව්‍ය සහ මත් කුඩුවල සමාජයීය බලපෑම සියැසින්ම දැක ගත්තේය. බොහෝ විට පවුල්වල ගෘහ මූලිකයන් මෙයට ප්‍රධාන ලෙස ගොදුරු වන්නේය. මෙය පවුල් සංස්ථාව තුළ විවිධ ගැටළු නිර්මාණයට හේතු වනවා මෙන්ම අනාගත පරපුර සඳහා මහත් තර්ජනයක් විය.
සෙමිනරි අධ්‍යාපනය නිම කිරීමෙන් අනතුරුව තිසේරා පියතුමා මත්ද්‍රව්‍ය හා මත්කුඩු හේතුවෙන් ජීවිත විනාශ කරගත් මිනිසුන්ගේ ජීවිත වෙනස් කිරීමට කැපවීමෙන් කටයුතු කළේය. මොහු මත්කුඩු භාවිතයෙන් දුරස් වීමට වෙර දරන වැඩිහිටියන් හා තරුණයන් සඳහා මිතුරු කණ්ඩායම් සාකච්ඡා ආරම්භ කළේය. මෙමඟින් පීඩාවට පත් වූවන්ට තම අදහස් ප්‍රකාශ කිරීමට කදිම අවස්ථාවක් උදා විය. තව ද ඔවුන්ව දිරි ගැන්වීමට සහ ඔවුන්ට අවශ්‍ය සහයෝගය ලබා දීම ද මෙම සාකච්ඡා මඟින් සිදු වේ. තිසේරා පියතුමා පීඩාවට පත් වූවන්ට සහ ඔවුන්ගේ පවුල් සඳහා උපදේශන සහ වෛද්‍ය සේවාවන් සපයන අතර ඉන් නොනැවතී ඔවුන්ගේ ප්‍රගතිය ද අධීක‍ෂණය කරනු ලබයි.
මත්කුඩු භාවිත කරන්නන් සහ ඔවුන්ගේ පවුල් සෑම විටම සමාජයේ පිළිකුලට ලක් වෙති. බොහෝ අවස්ථාවල දී ඔවුන් සමාජය විසින් කොන් කරනු ලැබේ. මෙබඳු වාතාවරණයක තිසේරා පියතුමා මොවුන්ට නව බලාපොරොත්තු ලබා දෙමින් තම ජීවිත නැවත නඟා සිටුවීමට සහ පිරිහී ගිය ආත්මගරුත්වය නැවත ලබා දීමටත් කැපවීමෙන් කටයුතු කරනු ලබයි. පියතුමාගේ මනා කැපවීම තුළින් පවුල් සංස්ථාව තුළ මෙන්ම රැකියා ස්ථාන තුළ ද මොවුන්ගේ යහපත් හැසිරීම මනාවට පෙන්නුම් කරයි. එසේම මෙම පුද්ගලයින් විසින්
 මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ අනෙකුත් පුද්ගලයන් ද මත්ද්‍රව්‍ය භාවිතයෙන් දුරස් කිරීමට උත්සහ කෙරෙනු ලැබේ.
මිතුරු කණ්ඩායම් සාකච්ඡා, මත්ද්‍රව්‍ය භාවිතය අත් හළ පුද්ගලයින් කිසිදු වෙනසකින් තොරව නැවත සමාජයට පිළිගැනීමට සහ ඔවුන්ගේ ආත්ම විශ්වාසය ගොඩ නැංවීමට මහඟ= ලෙස උපකාරී වේ. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ  මත්ද්‍රව්‍යවලින් තොර සමාජයක් බිහි කිරීමයි.
තිසේරා පියතුමාගේ දැඩි කැපවීම සහ අධිෂ්ඨානශීලීභාවය නිසා වෙන්නප්පුව, හලාවත, මීගමුව සහ කල්පිටිය යන ප්‍රදේශයන්හි වෙසෙන 100කට අධික වැඩිහිටියන් සහ තරුණයන්  මත්ද්‍රව්‍ය වලින් මුදවා ගැනීමට උපකාරී වී ඇත.
පුද්ගලයින්  මත්ද්‍රව්‍ය භාවිතයෙන් දුරස් කිරීමට තැත් කරනවා පමණක් නොව, තිසේරා පියතුමා අඩු ආදායම් ලාභී පවුල් සඳහා නිවාස ඉදි කිරීමට ද විපතට පත් වූවන් සඳහා අවශ්‍ය වෛද්‍ය සේවාවන් ලබා දීමට ද දහසක් පවුල් සඳහා පිරිසිදු ජලය ලබා ගැනීම වෙනුවෙන් ජල සැපයුම් මාර්ග සකස් කිරීමට ද ප්‍රමුඛත්වය ගෙන කටයුතු කර ඇත.
තිසේරා පියතුමා තුළ පවතින ආශාව සහ කැපවීම සමාජයේ වෙනසක් ඇති කිරීමට ඔහු තුළ ඇති දැඩි විශ්වාසය මනාව පෙන්නුම් කරයි. සංකීර්ණ සමාජ අභියෝග පවතින යුගයක මිනිසුන් පොදු අරමුණක් වෙනුවෙන් එක් රැස් කිරීමට ඔහු ගත් උත්සාහය ප්‍රශංසනීයය. ඔහු තම සමාජයට අගනා ආදර්ශයකි.

 

ශ්‍රවණාබාධිතව උපන් කසුන් සිය ළමා කාලයේ බොහෝ දුක් කම්කටොලූවලට මුහුණ දුන් අයෙකි. තම පවුලේ අය සහ මිතුරන්ගේ උපකාර ඇතිව සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන් ලිවීමේ සහ කියවීමේ හැකියාව ලබා ගත් අතර ඒ මඟින් ඉතා චතුර ලෙස සංඥා භාෂාවෙන් සංවාදයේ යෙදීමටත්, තොල් පාඨනය කිරීමටත් පමණක් නොව ඉගෙනීමේ කටයුතු ද ඉතා උසස් ලෙස සිදු කිරීමට ඔහුට හැකි විය.
කසුන්ට ලැබුණු උපකාර මධ්‍යයේ, ඔහු ශ්‍රවණාබාධිත ළමුන්ට එදිනෙදා කටයුතු කර ගැනීමේදී ඇති වන ගැටළු සහ දුෂ්කරතා පිළිබඳව මනා අවබෝධයකින් පසු වූ අතර ඔවුන්ට උපකාර කිරීමට අධිෂ්ඨානශීලී විය.
2009 වර්ෂයේ දී ජපානයේ පැවති zඅබාධිත පුද්ගලයන් සඳහා වූ ඩස්කින් නායකත්ව පුහුණුවZ ට මොහු සහභාගී වූ අතර නව තාක්ෂණික කුසලතා, නායකත්ව සහ ව්‍යාපෘති කළමනාකරණය යන අංශයන් ප්‍රගුණ කිරීමට අවස්ථාව ලැබුණි.
ජපන් වැනි විදේශ සංඥා භාෂාවන් හැසිරවීමට ඔහුට තිබූ හැකියාව උපයෝගී කරගෙන විදේශ ශ්‍රවණාබාධිත පුද්ගලයන් සමඟ සංවාදයේ යෙදීමෙන් සහ සම්බන්ධ වීමෙන් ශ්‍රී ලංකාවේ ස්වේච්ඡා සේවයට උපකාර ලබා ගැනීමට ඔහුට හැකි විය.
2012 වර්ෂයේ දී කසුන් zසුමග රුහුණු ශ්‍රවණ ඌනතා සංසදයZ :ීමප්ට් ඍමයමබම ක‍සරජකැ දෙ ෘැ්ෙ- ස්ථාපිත කිරීමෙන් ඔහු වැනි අනෙකුත් ශ්‍රවණාබාධිතයන්ට උපකාර කොට බල ගැන්වීමට අවස්ථාවක් ලැබුණි. ඔහු ශ්‍රවණාධාර ඛෙදා දුන් අතර මාතර රෝහණ විශේෂ විද්‍යාලයේ ස්වේච්ඡා සේවයේ ද නිරත විය. 2013 වර්ෂයේදී ශ්‍රවණාබාධිතයන් සඳහා වූ වෘත්තීය පුහුණු වැඩසටහනට මාර්ක්ස් ඇන්ඩ් ස්පෙන්සර් :ඵ්රනි ්බා ීචැබජැර- සමඟින් එක් විය. මෙමඟින් තරුණයන් 125 දෙනෙකු පුහුණුව ලැබූ අතර 88 දෙනෙකට පිළිගත් ආයතනවල රැකියා අවස්ථා ලබා ගැනීමට හැකි විය.
2013 වර්ෂයේ දී ඔහු විසින් zඅහන්නZ නිෂ්පාදන ආයතනය ස්ථාපිත කරමින් මූලික පියවර ලෙස ආගමික දේශනයක් සංඥා භාෂාවට පරිවර්තනය කිරීම සිදු විය. ඔහු තවදුරටත් 1-5 ශ්‍රේණිවල ළමුන් සඳහා වූ සිංහල පෙළපොත් සංඥා භාෂාවට පරිවර්තනය කොට ඒවා නොමිලේ ඛෙදා දෙන ලදී.
zසිතැඟිZ ස්වයංක්‍රීය සංඥා භාෂා පරිවර්තනය යොදා ගැනීමෙන් ඔහු විසින් බිහිරි හා බිහිරි නොවන පුද්ගලයන් අතර පරතරය අවම කිරීමට කටයුතු කළේය. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ සංඥා භාෂාවේ සංඥා, අක්ෂරවලට පරිවර්තනය කිරීමයි. මෙම සේවාවන් අගයමින් ඔහුට .ඔැ්ජයසබට Aසා. සහ .ඵ්නසබට ෘසි්ඉකැා ෂබාැචැබාැබඑ. යන් හි දී පළමු ස්ථානය 2012 සහ 2014 වර්ෂයන්හි zසහසක් නිමැවුම්Z ජාතික නව නිපැයුම් ප්‍රදර්ශනයේදී හිමි විය.
අද සමාජයේ ආබාධිත පුද්ගලයන් ඉදිරියට පැමිණෙන කාලයක වෙනසක් ඇති කිරීමට කසුන් තුළ බලවත් අශාවක් ඇති විය. ඔහුගේ මෙම කාර්යයන් දෙවුන්දර තුඩුවේ සිට යාපනය දක්වා සියළුම ශ්‍රවණාබාධිත පුද්ගලයන් සඳහා ව්‍යාප්ත විය. උපතින් ආබාධිත වුවත් ස්වකීය අධිෂ්ඨානය සහ කැපවීම තුළින් තමාගේ ජීවිතය ජය ගනිමින් තමා වැනි තව බොහෝ දෙනාගේ ජීවිත සුවපත් කිරීමට ඔහු ගත් සියළු උත්සාහයන් ඉතා ප්‍රශංසනීයය. මනුෂ්‍යත්වය වෙනුවෙන් සේවය කිරීමෙන් තෘප්තියක් ලබන කසුන්, ශ්‍රවණාබාධ සහිත පුද්ගලයින්ට තම සමාජය තුළ සාමාන්‍ය ජීවින රටාවක් ගෙන යෑමට අවස්ථාව ලබා දී ඇත.
නැණජීව යනු නව ජීවය යි. දැනට වසර 29කට පෙර පිහිටුවනු ලැබූ මධ්‍යස්ථානය කුමරි‚ සහ තවත් බොහෝ දෙනෙකුට ලබා දුන්නේ එවන් නව ජීවයකි. වෘත්තීයෙන් වෛද්‍යවරයෙකු වූ ඇයගේ සැමියා ආබාධිත පුද්ගලයන් හට උපකාර කිරීමට බොහෝ සෙයින් කැපවූවෙකි. නමුත් ඔහුගේ අකල් මරණය කුමරි‚ව පසු බෑමට ලක් කළේය.
ඇගේ පවුලේ සහ යහළුවන්ගේ සහයෝගය ද ඇතිව ස්වේච්ඡා සේවකයින් තිදෙනෙකු සමග කුමරි‚ තංගල්ල ප්‍රදේශයේ නැණජීව පුනරුත්ථාපන මධ්‍යස්ථානය පිහිටු වූවාය. මෙම මධ්‍යස්ථානය පිහිටු වනු ලැබුවේ මානසික සහ ශාරීරික දුර්වලතාවලින් පෙළෙන දරුවන් සහ වැඩිහිටියන් හට උපකාර කිරීමටය. එවන් පුද්ගලයන් සොයා යෑම බරෑරුම් කාර්යයක් වූ අතර පුහුණු චිකිත්සකවරුන් නොමති වීම දිගු කාලීන රෝග ප්‍රතිකාර කිරීම්වල දී මහත් ගැටළුවක් විය.
කොළඹින් චිකිත්සකවරුන් ගෙන්වනවාට වඩා එම ප්‍රදේශයේම පුද්ගලයින් පුහුණු කරවීම මෙම ක්‍රියාවලියේ දිගුකාලීන පැවැත්මට රුකුලක් වනු ඇතැයි කුමරි‚ගේ විශ්වාසය විය. මෙම මධ්‍යස්ථානයට සහයෝගය දක්වන අනෙකුත් ගම්වාසීන්ගේ උපකාරය ද ඇතිව, කුමරි‚ යෞවනයන් කිහිපදෙනෙකු තෝරාගෙන ඔවුන්ට අවශ්‍ය පුහුණුව සහ දැනුම ලබා දුන්නාය. මෙලෙස ඔවුන්ව සූදානම් කරනු ලැබුවේ එම මධ්‍යස්ථානයේ පිහිට පතා පැමිණෙන්නන් හට උපකාර කිරීමටය.
කුමරි‚ගේ කැපවීම සහ උත්සාහය නිසාවෙන් බොහෝ පරිත්‍යාග හා අරමුදල් මධ්‍යස්ථානයට ලැබීම හේතු කොටගෙන කෘතීම අත් පා නිපදවීම මෙන්ම භෞතචිකිත්සා හා ශ්‍රවණාබාධිත පුද්ගලයන් සඳහා අවශ්‍ය පහසුකම් මධ්‍යස්ථානය තුළ පිහිටු වීමට හැකියාව ලැබිණි. මෙම පහසුකම් සහ පුහුණු සේවක කණ්ඩායම නිසා එහි උපකාර පතා පැමිණෙන පුද්ගලයන්ගේ සියළු අවශ්‍යතා එකම ස්ථානයකින් ලබා දීම මහත් උපකාරයක් විය. මෙම මධ්‍යස්ථානයෙන් පුනරුත්ථානය වන්නන් වැඩමුළුවලට සහභාගී කර ගනිමින් පසුව ඔවුන් එහි සේවක මණ්ඩලයට බඳවා ගනු ලැබේ.
මෙලෙස මධ්‍යස්ථානය දියුණු වන අතරතුර කුමරි‚ට අවබෝධ වූයේ විවිධ ආබාධවලින් පෙළෙන දරුවන් මුහුණ දෙන අභියොගවලින් පළමු වැන්න පුනරුත්ථාපනය බවයි. විශේෂ පහසුකම් අවශ්‍ය වන මෙම දරුවන්ට සාමාන්‍ය පාසල්වලට ඇතුළු වීමේ හැකියාව නොහැකි බැවින්, එය මෙම දරුවන්ට අධ්‍යාපනය ලබා ගැනීමට බාධාවක් විය.
මෙම ගැටළුව නිරාකරණය කිරීමට මධ්‍යස්ථානය විසින් විශේෂ පන්ති දෙකක් පිහිටු වනු ලැබිණි. අද වන විට මධ්‍යස්ථානයේ උපකාරයත් සහිත විශේෂ අධ්‍යාපන පාසල් හතරක් පළාතේ විවිධ ස්ථානවල පිහිටුවා ඇත. විශේෂ පුහුණුවක් ලැබූ ගුරුවරුන් මෙම පාසල්වල දී ශාස්ත්‍රීය පමණක් නොව සෞන්දර්යාත්මක අධ්‍යාපනය ඇතුළුව පරිපූර්ණ මූලික අධ්‍යාපනයක් එම දරුවන්ට ලබා දෙති. මෙම පාසල්වල අධ්‍යාපනය ලබන ළමුන් පසුකාලීනව ප්‍රදේශයේ අනෙකුත් පාසල්වලට ඇතුළු කරනු ලැබේ.
මහත් කැපවීමෙන් කටයුතු කරන මෙම මධ්‍යස්ථානයේ සේවක මණ්ඩලය ආබාධිත පුද්ගලයින් 42,000කගේ ජීවිතවලට නව ජීවයක් ලබා දී ඇත. කුමරි‚ ධෛර්යය සම්පන්න ස්වේච්ඡා සේවිකාවක් පමණක් නොව සමාජය වෙනුවෙන් සේවය කිරීමට ඇති ඇගේ කැපවීම බොහෝ ප්‍රශංසනීයය. මෙම මධ්‍යස්ථානය ප්‍රදේශයේ 50 දෙනෙකුට වැඩි සංඛ්‍යාවකට රැකියා අවස්ථා ලබා දී ඇති අතර විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ට ස්වේච්ඡාවෙන් උපකාර කිරීමට යෞවනයන්් 700කට වැඩි පිරිසක් පොළඹවා ඇත.
ඩිමෙන්ෂියා යනු මොළයේ ආබාධයන් සිය ගණනකට වැඩි ප්‍රමාණයක් හැඳින්වීමට යොදා ගන්නා පදයකිග ඇල්සයිමර්ස්ල ඩිමෙන්ෂියා රෝගයේ බහුලව දක්නට ලැබිය හැකි එක් රෝගී තත්ත්වයකිග ඩිමෙන්ෂියා වැළඳී ඇති පුද්ගලයන් සහ ඔවුන්ගේ පවුල් ඒ සම්බන්ධයෙන් දක්වන අඩු සැළකිලිමත්භාවය අද වන විට ලංකාවේ දක්නට ලැඛෙන ප්‍රධාන ගැටළුවකිග
මෙම රෝගය පිළිබඳව සමාජ කතිකාවක් ඇති කිරීමේ අරමුණින් 1999 දී ලොරේන් තම ගමන ආරම්භ කළායග ඇයගේ පවුල් සාමාජිකයෙකුට රෝගය වැළඳී තිබූ හෙයින් එමඟින් ලැබූ අත්දැකීම් සමඟ ඇල්සයිමර්ස් රෝගය පිළිබඳව මිනිසුන් දැනුවත් කිරීමටත් රෝගයෙන් පීඩා විඳින්නන්ට අවශ්‍ය උපකාර කිරෙමටත් ඇය ස්වේච්ඡාවෙන් තම කාලය සහ ශ්‍රමය කැප කරන්නීයග
තම ස්වාමියාගේ ද සහය ඇතිව ඇය zලංකා ඇල්සයිමර්ස් පදනමZ ථඛ්බන් Aකzයැසපැර’ි ත‍දමබා්එසදබ- පිහිටුවන ලදීග මෙම පදනමෙහි මූලික වැඩ කටයුතු තම නිවසේ දී ආරම්භ කළ අතර මේ සඳහා ස්ථීර ගොඩනැගිල්ලක් සාදා ගැනීමට අවශ්‍ය මූල්‍යමය පහසුකම් සොයා ගැනීමට ඇය දැඩිව වෙහෙසුණායග මෙම කාර්යය සඳහා පරිත්‍යාගයන් ලබා ගැනීමට සෑම අවුරුද්දකම මාස 2-3ක් ලොරේන් සහ ඇගේ ස්වේච්ඡා සේවකයින් සුපිරි වෙළඳසැල් සහ අනෙකුත් ප්‍රධාන ස්ථාන අසල ගැවසෙන්නට වූහග
ඇල්සයිමර්ස් පදනම පිහිටුවා වසර 10කට පසු මෙම පදනමේ සේවාවන් සහ තොරතුරු මධ්‍යස්ථානය ථඛAත‍ ීැරඩසජැ ්බා ෂබදෙරප්එසදබ ක‍ැබඑරු- 2011 සැප්තැම්බර් මස 21 වන දින එනම් ලෝක ඇම්සයිමර්ස් දිනයේ දී ස්ථාපිත කෙරිණිග
මෙම මධ්‍යස්ථානයල ඇල්සයිමර්ස් රෝගය පිළිබඳව සමාජය දැනුවත් කිරීමේ වැඩසටහන් මෙන්ම සමාජය තුළ ඒ පිළිබඳ තිඛෙන ආකල්පය වෙනස් කිරීමේ වැඩසටහන් සංවිධානය කරයිග තව දල මතකය තක්සේරු කිරීමේ වැඩසටහන්ල සාත්තු කණ්ඩායම් සහ ඩිමෙන්ෂියා රෝගීන් වෙනුවෙන් චිකිත්සක ක්‍රියාකාරකම් කිරීම සඳහා ක්‍රියාකාරකම් මධ්‍යස්ථානයක් පවත්වාගෙන යෑම යනා දී සේවාවන් රාශියක් ඉටු කරනු ලබයිග
ලොරේන් ස්වේච්ඡා සේවකයින් බඳවා ගැනීමේ දී මෙන්ම ආයතනයට ලැඛෙන පරිත්‍යාග නිසි ලෙස කළමනාකරණය කිරීමේ දී  දැඩි අවධානයක් යොමු කරයිග මෙමගින් ආයතනය වෘත්තීය මට්ටමේ ආයතනයක් ලෙස පවත්වාගෙන යාමට ඇය වෙහෙසෙයිග
ඇල්සයිමර්ස් පදනම විසින් දියත් කරන වැඩසටහන් ආයතනයට පැමිණෙන අමුත්තන් ක්‍රියාකාරකම්වලට සහභාගී කර ගන්නවා මෙන්ම මෙය සමහර අවස්ථාවන්හි දී ඇල්සයිමර් රෝගය ව්‍යාප්තිය අවම කිරීමට ද දායක වී ඇතග
උපකාර බලාපොරොත්තුවෙන් පැමිණෙන සියළු දෙනා උදෙසා නොපැකිළිව තම සේවය සැපයීමට ලොරේන් සහ ඇයගේ ස්වේච්ඡා සේවක කණ්ඩායම වගබලා ගනිතිග ඇය තම කාර්යය මණ්ඩලයට පමණක් නොව පදනම සමග ගනුදෙනු කරන සියළු දෙනාටම ආදර්ශයකිග වසර 16කට පෙර ඇය තැබූ පොරොන්දුව ලොරේන්ගේ අප්‍රතිහත ධෛර්යය සහ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස ඩිමෙන්ෂියා රෝගයෙන් පීඩා විඳින මිනිසුන් වෙනුවෙන් ආයතනයක් ගොඩනඟා ඔවුන්ගේ ජීවිත සුවපත් කිරීමට දායක වී ඇත.

 

සබරගමුව විශ්වවිද්‍යාලයේ සංඛ්‍යානය විශේෂවේදී අවසන් වසර සිසුවියක වන උපාධිය ලබා ඇති නිශාධාගේ අරමුණ වූයේ විශ්වවිද්‍යාල අචාර්යවරියක වීමයි. කෙසේ වුවත්, ඇයගේ ජීවිතයේ ඉලක්කයන් zඪදසජැ දෙර ඡැදචකැ ප්‍රජා පදනමZ සමඟ වෙනස් විය.
2015 වර්ෂයේදී ඇයගේ යහළුවන් කිහිප දෙනෙකු සමඟ පිහිටුවනු ලැබූ මෙම පදනමෙහි මූලික අරමුණ වූයේ අසරණ මිනිසුන්ට පිහිට වීමයි. මෙම පදනම පුළුල් පරාස 5ක් ඔස්සේ සේවාවන් සපයයි. zසවියZ (ශක්තිය) ඉන් එක් අංගයකි. මෙමඟින් ළමුන්ට ද්විතීය අධ්‍යාපනය සම්පූර්ණ කර ගැනීම සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම සිදු කෙරේ. zඋපකාර කිරීමZ මඟින් ළමා නිවාස, වැඩිහිටි නිවාස සහ පාසල් පුස්තකාල සඳහා පරිත්‍යග ලබා දේ. zසරසවි සවියZ උසස් පෙළ ළමුන් සඳහා සම්මන්ත්‍රණ පවත්වනු ලැබේ. zගමට සවියZ තුළින් සෞඛ්‍ය සහ ආර්ථීක උපකාර සළසා දෙමින් ග්‍රාමීය ජනතාවගේ ජීවිත නඟා සිටුවීමට දායක වේ. zක්‍රීඩාවට සවියZ (ක්‍රීඩා වැඩසටහන) විවිධ ක්‍රීඩාවන් සඳහා දක්ෂ ළමුන් වෙනුවෙන් ඔවුන්ගේ ක්‍රීඩා කුසලතා වර්ධනයට අවශ්‍ය පහසුකම් ලබා දේ.
ඉගෙන ගැනීමේ පහසුව සඳහා පොත්පත් වැනි භෞතික සම්පත් ග්‍රාමීය පාසල් ළමුන් සඳහා හිඟ වුවද, නිශාධා ප්‍රධාන වශයෙන් මොවුන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය උපකාර ලබා දීම කෙරෙහි අවධානය යොමු කළාය. නිශාධා සහ ඇයගේ ස්වේච්ඡා සේවක කණ්ඩායම ඉගැන්වීම් කටයුතු කළ එක් පාසලක පහ වසර ළමුන් ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින් සමත් වී තිබීම ඈ ලැබූ විශාල ජයග්‍රහණයකි.
පදනමට අවශ්‍ය මූල්‍ය අවශ්‍යතා සහ අනුග්‍රාහයක්් සොයා ගැනීමට නිශාධා ෆෙස්බුක් :ේජැඉදදන- පිටුවක් යොදා ගනියි. ව්‍යාපෘති සහ අරමුදල් සම්බන්ධයෙන් නිරතුරුවම තොරතුරු ෆෙස්බුක් පිටුවට ඇතුල් කරන ඇය එමඟින් සංවිධානය සහ පරිත්‍යාගශීලීන් අතර සබඳතාවය තවදුරටත් තර කිරීමට කටයුතු කරනු ලබයි.
කුඩා කාල පරිච්ඡේදයක් තුළ නිශාධා සහ ඇගේ කණ්ඩායම සමජයේ යහපත් බලපෑමක් කිරීමට සමත් වි ඇත. බොහෝ පාසල් සහ පවුල් මොවුන්ගේ ව්‍යාපෘතිි හරහා ප්‍රතිලාභ ලබා ගන්නෝ වෙති. ඇය කැපවීමෙන් සහ උනන්දුවෙන් පරාර්ථකාමීව දිවයින් පුරා වෙසෙන මිනිසුන්ගේ ජීවිත යහපත් කිරීම සඳහා වෙහෙසෙන පුද්ගලයන් හට නායකත්වය ලබා දෙයි.
පෝල් පියතුමා සාමාජිකයින් 5 දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා විය. මඩකළපුව ශාන්ත මයිකල් පාසලෙන් අධ්‍යාපනය හැදෑරූ ඔහු 1969 වර්ෂයේ දී පූජකවරයෙකු බවට පත් විය. ක්‍රීඩාවට සහ අධ්‍යාපනයට දස්කම් දැක්වූ පෝල් පියතුමා වෘත්තීය මාර්ගෝපදේශනය, අධ්‍යාපනය සහ මනෝවිද්‍යාව ඔස්සේ උසස් අධ්‍යාපනය හැදෑරීය.
නැගෙනහිර පළාතේ මිනිසුන් බොහෝ දුෂ්කරතාවලට මුහුණ දෙති. දශක තුනක යුද්ධයෙන් හා සුනාමි ව්‍යසනයෙන් පීඩාවට පත් වූ ඔවුහු සෑම විටම දරිත්‍රතාවය හේතුවෙන් දැඩි ජීවිත අරගලයක යෙදී සිටිති. මොවුන්ට උපකාර කිරීමට පෝල් පියතුමා විසින් විවිධ ප්‍රජා මූලික වැඩසටහන් දියත් කරනු ලැබේ.
පුහුණු උපදේශකවරයෙකු ලෙස ඔහු සියළු වයස් කාණ්ඩවල පුද්ගලයන් සඳහා ප්‍රජා මූලික උපදේශන සේවා සපයයි. පුහුණු උපදේශකවරුන් 32ගෙන් යුතු වෘත්තීය උපදේශන සේවා මධ්‍යස්ථානයක් පිහිටු වීමට කටයුතු කළ ඔහු කැපවීම සහ දිරිගැන්වීම තුළින් මිනිසුන්ට ඕනෑම අභියෝගයක් හෝ ගැටළුවක් ජය ගැනීමට හැකි බව තරයේ විශ්වාස කරයි.
පෝල් පියතුමා ළමුන් සහ තරුණ පරපුර වෙනුවෙන් වඩාත් යහපත් වාතාවරණයක් නිර්මාණය කිරීමට කැපවී සිටියි. යුද්ධයෙන් අවතැන් වූ ළමුන් වෙනුවෙන් ඔහු විසින් ළමා නිවාස 6ක් ඉදිකරන ලදී. මේ අතර ගැහැණු ළමුන් සඳහා ළමා නිවාස 3ක් ද පිරිමි ළමුන් සඳහා නිවාස 3ක් ද වේ. මෙය ඔවුන්ට අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යෑම සඳහා මහත් උපකාරයක් වේ.
ර්‍ණඊමඑඑැරකෙහ ඡැ්ජැ ඨ්රාැබ” උපදේශන සේවා මාධ්‍යස්ථානය, ජාතී ආගම් භේදයකින් තොරව කලාව තුලින් ළමුන් සඳහා මානසික ඒකාග්‍රතාව දියුණු කිරීම සඳහා පිහිටුවීය. එමෙන්ම  එතුමා, යුධ සමයේ හිටපු සෙබළුන් වෙනුවෙන් ර්‍ණක‍මජනදද’ි භැිඑ” නේවාසික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය පිහිටුවීය. මෙමඟින් තරුණ තරුණියන්ට නව රැකියා අවස්ථාවන් විවර කර දීමට විවිධ වෘත්තීය පුහුණු පාඨමාලා දියත් කරයි.
එතුමා විසින් පිහිටවනු ලැබූ ර්‍ණෘරු්ප ක‍්එජයැර” ආයතනය මඟින්, ගුරුවරුන් සහ රාජ්‍ය නොවන සංවිධාන සේවකයින් සඳහා අවශ්‍ය උපදේශන සේවාවන් පෝල් පියතුමා මෙන්ම ජාත්‍යාන්තර මනෝ චිකිත්සකවරුන් මඟින් සලසා දෙයි. විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් මෙන්ම වැන්දඹුවන් වෙනුවෙන් සහ ඔවුන්ගේ අනාගතය සවිමත් කිරීම සඳහා අවශ්‍ය වෘත්තීමය උපදේශනය මෙම ආයතනය විසින් ඔවුන් වෙත සපයා දෙයි.
අද සමාජය තුළ සිය දිවි නසා ගැනීම්, බීමත්කම සහ ළමා අපචාර වැනි දෑ අවම කිරීමේ අරමුණින් පෝල් පියතුමා වීදි නාට්‍ය බොහොමයක් ද සංවිධානය කර ඇත.
පෝල් පියතුමා මිනිසුන්ට ජීවන ගැටළුවලට සාර්ථකව මුහුණ දීමට කියා දී ඇත. එමන්ම දරිද්‍රතාවයෙන් පෙළෙන සහ යුද්ධයෙන් පීඩාවට පත් වූ බොහෝ පිරිස් එතුමාගේ මඟ  පෙන්වීමෙන් තම ජීවිත සාර්ථක කරගෙන ඇත. එතුමා වෙතට පැමිණෙන සියළු දෙනාට ජාති ආගම් භේදයකින් තොරව එක ලෙස සලකන පෝල් පියතුමා, සැබෑ ලෙසම උත්තරීතර මිනිසෙකි.

 

අනුග්‍රාහකත්වය  

United Nations Volunteers Sri Lanka © 2018