සිංහල

V-සම්මාන 2018 

නිහඬව සේවය කරන්නන් අගය කිරීම වෙනුවෙන්


නියමිත කාලය දීර්ඝ කරන ලදී

 

මෙතෙක් ආ ගමන් මග

 

2011 දී එක්සත් ජාතීන්ගේ ස්වේච්ඡා වැඩසටහන (UNV) සමාජ සේවා අමාත්‍යාංශය : ස්වේච්ඡා සේවය පිළිබඳ ජාතික මෙහෙයුම් කමිටුව (V-සම්මාන) : තමා ජීවත්වන ප්‍රජාව තුල ජනතාවගේ යහපත වෙනුවෙන් නිහඬවවම සේවය කරන අයව හඳුනාගැනීම හා අගය කිරීම. එය  ශ්‍රී ලාංකික සමාජයේ යහපත වෙනුවෙන් ස්වාර්ථය පසෙක ලා සමාජය වඩාත් යහපත් කිරීම වෙනුවෙන් පරාර්ථකාමීව කටයුතු කල පුද්ගලයන් වෙත ස්තුති කිරීමට සහ ඔවුන්ගේ අඩිපාරේ අන් අයටත් යෑමට පෙලෙඹවීමට ගත් අවංක උත්සාහයකි.


ගෞරව කිරීමට. ආචාර කිරීමට

V-සම්මාන පළමු වරට පවත්වන ලද්දේ 2011 වසරේදී ය. V-සම්මාන ප්‍රධාන ලේකම් කාර්යාලයට විවිධ පුද්ගලයන් විසින් තම ප්‍රජාව තුල ධනාත්මක වෙනස්කම් සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දුන් පුද්ගලයන් 450 කට අධික සංඛ්‍යාවකගේ නම් යෝජනා කරන ලදී. අවසාන වටයට සුදුසුකම් ලැබූ 15 දෙනාගෙන්, හය දෙනෙකුට  ලංකාවේ ජනතාව වෙනුවෙන් කල සේවයට ප්‍රශංසා ලැබූ අතර, එක් අයෙක්  2011 වසරේ ස්වේච්ඡා සේවකයා ලෙසින් පිදුම් ලැබීය.

2011

ගෞරව කිරීමට. ආචාර කිරීමට

V-සම්මාන පළමු වරට පවත්වන ලද්දේ 2011 වසරේදී ය. V-සම්මාන ප්‍රධාන ලේකම් කාර්යාලයට විවිධ පුද්ගලයන් විසින් තම ප්‍රජාව තුල ධනාත්මක වෙනස්කම් සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දුන් පුද්ගලයන් 450 කට අධික සංඛ්‍යාවකගේ නම් යෝජනා කරන ලදී. අවසාන වටයට සුදුසුකම් ලැබූ 15 දෙනාගෙන්, හය දෙනෙකුට  ලංකාවේ ජනතාව වෙනුවෙන් කල සේවයට ප්‍රශංසා ලැබූ අතර, එක් අයෙක්  2011 වසරේ ස්වේච්ඡා සේවකයා ලෙසින් පිදුම් ලැබීය.

2011


ජලය සඳහා ස්වේච්ඡා සේවය

2013 වසරේ පැවැත්වූ V-සම්මාන උළෙලද එකම අයුරින් පවත්වන ලදී. මෙහිදීද, සමාජයට අතිවිශේෂ දායකත්වයක් ලබා දුන් පුද්ගලයන්ට ගෞරව කිරීම හා ආචාර කිරීම සහ සමාජයීය කටයුතු සඳහා පුද්ගලයන් ස්වේච්ඡා සේවයට පෙළඹවිය හැකි පරමාදර්ශී චරිත හඳුනා ගැනීම සිදු කෙරුණි.

2013

ජලය සඳහා ස්වේච්ඡා සේවය

2013 වසරේ පැවැත්වූ V-සම්මාන උළෙලද එකම අයුරින් පවත්වන ලදී. මෙහිදීද, සමාජයට අතිවිශේෂ දායකත්වයක් ලබා දුන් පුද්ගලයන්ට ගෞරව කිරීම හා ආචාර කිරීම සහ සමාජයීය කටයුතු සඳහා පුද්ගලයන් ස්වේච්ඡා සේවයට පෙළඹවිය හැකි පරමාදර්ශී චරිත හඳුනා ගැනීම සිදු කෙරුණි.

2013


හඳුනාගැනීම. ගෞරව කිරීම. පෙළඹවීම

තව තවත් ලාංකිකයන් ස්වෙච්ඡා සේවයට පෙළඹවිය හැකි පුද්ගලයන් පිලිබඳව සමාජය දැනුවත් කිරීමේ අපගේ සම්ප්‍රදාය ඉදිරියට ගෙන යමින්, 2015 වී-සම්මාන උළෙල, ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ස්වාර්ථය ගැන නොසලකා කටයුතු කල පුද්ගලයන් හඳුනාගැනීම සහ ගෞරව කිරීම තුලින් අන්‍යයන්වත් ස්වේච්ඡා සේවයට පෙළඹවීමට උත්සහ ගත්තේය.

2015

හඳුනාගැනීම. ගෞරව කිරීම. පෙළඹවීම

තව තවත් ලාංකිකයන් ස්වෙච්ඡා සේවයට පෙළඹවිය හැකි පුද්ගලයන් පිලිබඳව සමාජය දැනුවත් කිරීමේ අපගේ සම්ප්‍රදාය ඉදිරියට ගෙන යමින්, 2015 වී-සම්මාන උළෙල, ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ස්වාර්ථය ගැන නොසලකා කටයුතු කල පුද්ගලයන් හඳුනාගැනීම සහ ගෞරව කිරීම තුලින් අන්‍යයන්වත් ස්වේච්ඡා සේවයට පෙළඹවීමට උත්සහ ගත්තේය.

2015


සාම සාධනය වෙනුවෙන් ස්වේච්ඡා සේවයේ යෙදීම

ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ස්වාර්ථය ගැන නොසලකා කටයුතු කල පුද්ගලයන් හඳුනාගැනීම සහ ගෞරව කිරීම, සාමය ගොඩනැංවීම සඳහා ස්වේච්ඡා සේව‍යේ යෙදෙන්නන් සඳහා විශේෂ ඇගයීමක් කිරීම.

2018

සාම සාධනය වෙනුවෙන් ස්වේච්ඡා සේවයේ යෙදීම

ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ස්වාර්ථය ගැන නොසලකා කටයුතු කල පුද්ගලයන් හඳුනාගැනීම සහ ගෞරව කිරීම, සාමය ගොඩනැංවීම සඳහා ස්වේච්ඡා සේව‍යේ යෙදෙන්නන් සඳහා විශේෂ ඇගයීමක් කිරීම.

2018

ඒකාබද්ධ අනුග්‍රාහකත්වය   

V-සම්මාන වීරයන්

 

 

ඔවුන්ගේ වැඩකටයුතු ප්‍රජාව බලාත්මක කර ඇති අතර, පොදු අරමුණක් වෙනුවෙන් ගම්මාන එකතු කර ඇත. ඔවුන් තරුණයන් සහ වැඩිමහල්ලන් අතර බලාපොරොත්තු ඇතිකරමින්, ඔවුන්ගේ ධෛර්ය සම්පන්න කතා තුලින් මනුෂ්‍යත්වය පිළිබඳ අපගේ විශ්වාසය වර්ධනය කර ඇත. ඔවුන්ගේ  අඛණ්ඩ උත්සාහය සහ සාර්ථකත්වය අපව වඩා හොඳ මිනිසුන් වීමට පොළඹවන අතර, අපේ විශ්වාසය නම් ඔවුන්ගේ ජිවිත කතා කියවීමෙන් ඔබ තුලත් ස්වේච්ඡා සේවයේ යෙදීමට ආශාවක් ඇති වනු ඇත යන්නයි.

Home_11_Img_5

2018 වර්ෂයේ ස්වේච්ඡා සේවකයා කවුරුන් විය හැකිද?

පරාර්ථකාමයට කිසිඳු භාෂාවක් නොමැත…..

අපි ඔවුන්ට ගරු කරමු…..

දැන්ම යෝජනා කරන්න…..


මානසික සෞඛ්‍යය පිළිබඳ ජාතික ආයතනයේ (NIMH) අධිකරණ වෛද්‍ය ඒකකයේ ස්වේච්ඡා සේවයේ යෙදී සිටියදී වසරේ තරුණ ස්වේච්ඡා සේවකයා සම්මානයෙන් පිදුම් ලැබීය. මේ වන විට ඇය NIMH ආයතනයේ කටයුතු වලට සහය ලබා දීම සඳහා ස්වේච්ඡා සේවකයන් එක්කරගැනීමට හැකි නව ක්‍රමවේද පිළිබඳ සොයමින් සහ එකී නව ක්‍රමවේද ක්‍රියාවෙහි යෙදවිය හැකි අකාර පිළිබඳ විශ්ලේෂණය කරමින් සිටින්නීය.


නිසි ලෙස ජලය සැපයීමට නොහැකි වීම නිසා නාලක ඇතුලු මිරාහවත්ත ගම්වැසියන් වසර 40 ක් තිස්සේ දුක් විඳිමින් සිටියහ. ගම්මානයට පානීය ජලය සැපයීමේ ව්‍යාපෘතියක් දියත් කිරීමට නාලක යෝධ පියවරක් ගත්තේය. තවද ඔහු ශ්‍රී ලාංකිකයන්ට පානීය ජලය නොමැති ගම්මාන වලට ආධාර කිරීමට උනන්දු කිරීමට උත්සහ ගනී.


මොහු වෘත්තියෙන් මෘදුකාංග ඉංජිනේරුවරයෙකි. සමාජයීය මාධ්‍ය ජාලා යොදාගනිමින් අවශ්‍යතා ඇති අය පිළිබඳව දැනුවත් කිරීම සහ ඔහුගේ සංවිධානය හරහා ධනාත්මක සමාජ වෙනස්කම් ඇති කිරීම සඳහා ඔහු උත්සාහ දරයි. අවශ්‍යතා ඇති අයව හඳුනා ගැනීම සඳහා ඔහු විවිධ ප්‍රදේශවල සංචාරය කරන අතර, මෙම ව්‍යාපෘති හරහා ඔහු පුද්ගලයන් 15,000 කට පමණ සහන සලසා ඇත.


වෘත්තියෙන් මුද්‍රණ ශිල්පියෙකි. බොල්ගොඩ තෙත්බිම් පද්ධතිය ආරක්ෂා කිරීම සහ සංරක්ෂණයට නිලුපුල් කැපවී සිටී. ඔහු දල්තර පාරිසරිකයෝ සංවිධානයේ නිර්මාතෘ වන අතර, ඔහු පාරිසරික සංරක්ෂණය හා ඔහුගේ ප්‍රජාව තුළ තිරසාරී සංවර්ධනයක් ඇති කිරීම සඳහා ස්වේච්ඡා සේවයේ නිරත වෙයි.

දිරි සටහන් 2018

සමාජය, සිරගත වූ අපරාධකරුවන් නෙරපා දමන්නේ ඔවුන් සිදු කළ අපරාධය කොතරම් බරපතල ද යන්න නොසළකා ය. සමාජය සිරකරුවන් දෙස වපර ඇසින් බලන බැවින් බොහෝමයක් සිරකරුවන්ට නිදහස්ව පැමිණිය ද නැවත සමාජයට එකතු විය නොහැක. එබැවින් ඔවුනට නැවත හොද රැුකියාවක් සොයා ගත නොහැකි අතර එමනිසාම ඔවුන් බොහෝවිට නැවත අපරාධ සිදු කිරීමට පෙලඹේ.
නඩුවක් සම්බන්ධයෙන් වසර දෙකකට වැඩි කාලයක් නීති පද්ධතිය සමග කටයුතු කිරීමෙන් අස්කාරී අවබෝධ කර ගත් යමක් වූයේ බොහෝ වෙලාවට සිපිරිගෙය කූරු අතර සිරවී අවුරුදු ගණන් කාලය ගත කරන අය දුප්පත් අසරණ පුද්ගලයන් බවය.
මෙය අවබෝධ කරගත් අස්කාරී මීගමුව බන්ධනාගාරයේ හිටපු පොලීස් අධිකාරීවරයෙකු හමුව සිරකරුවන්ට සහාය විය හැකි ආකාරය සම්බන්ධයෙන් උපදෙස් ලබා ගන්නා ලදි. 95% ක් පමණ සිරකරුවන්ට බන්ධනාගාර ගත වීමට සිදුව ඇත්තේ ඔවුන්ගේ නඩුව කථා කිරීම සඳහා නීතිඥයන් නොමැති වීම නිසා හෝ නිසි නීති උපදෙස් නොමැති වීම නිසා ය යන්න එවිට ඔහු සොයා ගන්නා ලදි. ඔහු විසින් මෙම සමාජ කොට්ඨාශයට සහයා වීම සඳහා ගත් උත්සහායේ ආරම්භය මෙය විය.
මෙම අසරණ පිරිසට උදව් කිරීම නැවැත්වීමට අකැමැති වූ නිසාම සමාජයේ අප‍්‍රසාදයට ලක් වීමේ අවදානමට ද ඔහු මුහුණ දෙන ලදි. සාමාන්‍යයෙන් සමාජය මෙම පිරිස සිදු කළ අපරාධයෙන් එහා යමක් නොදකින අතර ඒ නිසාම ඔවුනට උදව් කිරීමට හෝ ඔවුනට උදව් කරන කෙනෙකුට සහාය වීමට හෝ අකැමති බව ඔහු තරයේ විශ්වාස කරයි. සිරකරුවන් ද මිනිසුන් බව යලි යලිත් සිහිපත් කරන අස්කාරී ඔවුනට ද කාරුණිකව සහ ගරුත්වයකින් යුතුව සැලකිය යුතු බව ඔහුගේ අදහසයි.
පසුගිය අවුරුදු කිහිපය තුළ සුළු අපරාධයන් සිදු කළ සිරකරුවන් 130 කට වැඩි පිරිසක් නිදහස් කිරීමට අස්කාරී සහාය වූ අතර ඔහුගේ ස්වෙච්ජ්ා සේවය සිරකරුවන්ගේ සහ ඉන් නිදහස් වූවන්ගේ සුභ සාධනය සඳහා යොමු කෙරිණි. ඔහු සිරකරුවන්ගේ සුභ සාධන සංගමයේ ක‍්‍රියාකාරී සාමාජිකයෙක් ද වන අතර ඔහුට හැකි ආකාරයෙන් සිරකරුවන්ගේ ජීවිත වැඩි දියුණු කිරීමෙහිලා ක‍්‍රියා කරයි.
සිරකරුවන් සමග වසර ගණනාවක් ක‍්‍රියා කිරීමෙන් ලද අත්දැකීම්වලින් ඔහු හඳුනාගෙන ඇත්තේ බන්ධනාගාරය තුල රැුඳවියන් ගත කරන කාලයට වැඩිවන් විට ඔවුහු සංවිධානගත අපරාධවලට සම්බන්දවීමට ඇති සම්භාවිතාවද විශාල වශයෙන් වැඩිවෙන බවයි. ඔහු සිරකරුවන් තුළ අනාගතයේ දී ප‍්‍රයෝජනවත් විය හැකි කුසළතාවයන් සංවර්ධනය කිරීමට ක‍්‍රියා කළ අතර ඔවුන්ගේ වර්ථමාන අධ්‍යාපන සුදුසුකම් වැඩි දියුණු කළ හැකි ආකාරයේ කුසළතාවයන් උගන්වන ලදි.
සිරකරුවන්ට යම් කුසළතාවයක් ඉගැන්වුවහොත් ඔහු යම් දිනක ඵලදායි රැුකියාවක් සොයා ගැනීම සඳහා එය යොදා ගන්නා අතර ඉන් නැවතත් ඔහු අපරාධ ලෝකයට පැමිණීම අවම කළ හැකි බව ඔහුගේ විශ්වාසයයි.
ඔහු වෙළෙදාමේ නිපුණයෙක් බව ඔහුගේ අවංක හැගීම වන අතර පැරණි මෝටර් රථ අළුත් වැඩියා කිරීමට වැඩියෙන්ම කැමැත්තක් දක්වයි. නමුත් අසරණ පුද්ගලයින්ට සහාය වීම ඔහුව වැඩියෙන්ම සතුටට පත් කරන දෙයකි. ඔහු මුහුණ පෑ තර්ජන සහ අපහාස නොසළකා අඛණ්ඩව සිරකරුවන්ට සහාය වීමෙහිලා ස්වෙච්ජ්ා සේවයේ යෙදීමට ඔහු තීරණය කරන ලදි. ‘‘ මම මුහුණ පෑ සියළුම ප‍්‍රශ්න නොසළකා මම මට හැකි හැම අයුරින්ම සිරකරුවන්ට සහාය වෙමි. මගේ අරමුණ වනුයේ බන්ධනාගාර පද්ධතිය යහපත් තැනක් කිරීම ය. මගේ සීයා මට කියා දුන් යහපත් දෙයක් කිරීමෙන් යහපත් දෙයක් ලැබේ යන්න මගේ ජීවන දර්ශනය වේ. මම හිතනවා එය සමාජ සේවයට හොද ආරම්භයක් කියා. ’’

සමාජ සේවය චමිල පතිරණගේ ළමා කාලයේ විශාල කොටසක් නියෝජනය කරයි. අනෙක් තරුණයන් පෞද්ගලික ක‍්‍රියාකාරකම් සඳහා කාලය වෙන් කරන විට ඔහුගේ කාලයෙන් වැඩි ප‍්‍රමාණයක් වාර්ෂික ප‍්‍රජා ඉසව් සංවිධානයට, පරිත්‍යාග සඳහා අරමුදල් රැුස්කිරීම, පරිසර සංරක්ෂණය සහ අනෙකුත් ව්‍යාපෘති සඳහා වෙන් කරන ලදි.

2006 වසරේ දී ඔහු වැඩිහිටියෙකුගේ උපදෙස් මත ගෞතම දරුවෝ ආර්්‍ය පදනම ( ඨෘ්ත්‍* ස්ථාපිත කරන ලදි. යම් සිද්ධියක් මතක් කරමින් ඔහු මෙසේ පැවසුවේ ය. ‘‘අපගේ එක් ප‍්‍රජා සේවයක් අවසානයේ දී වැඩිහිටි පුද්ගලයෙක් අපගේ උත්සහාය අගයමින් කාලයත් සමග අපිට බොහෝ පෞද්ගලික අභියෝගයන්ට මුහුණ පෑමට සිදු වේ. එවිට අපිට සමාජ සේවය අතපසු විය හැකි බව අවධාරණය කල ඔහුු අපිට පදනමක් ස්ථාපිත කිරීමට උපදෙස් දුන් අතර එවිට අපගේ සේවාව අනාගතය කරා ගෙන යාමට හැකි වනු ඇතැයි පැවසුවේ ය.’’

නමුත් 2016 වසරේ දී උතුරු මැද පලාතේ මහා නියඟයක් ඇති වූ අවස්ථාවේ ඨෘ්ත්‍ වැලිකඩට ගොස් හොද සේවාවක් කරන ලදි. නියගයෙන් දැඩි පීඩාවට පත්ව අසරණව සිටි වැලිකඩ ප‍්‍රජාවට චමිල සහ ඔහුගේ යහළුවන් වතුර බවුසර් දෙකක් ගෙන ගොස් දෙන ලදි. දැඩි නියං කාලගුණික තත්ත්වය නිසා ගමෙන් ගමට ජලය බෙදා හැරීම කණ්ඩායමට ඉතාමත් අසීරු කටයුත්තක් වුවායැයි ඔහු පැවසුවේ ය. වැලිකඩ ජනතාවට මුහුණ පෑමට සිදු වුණ දුෂ්කර කාළගුණික තත්ත්වය චමිලගේ දෑසට කදුළු ගෙන ආ අතර ඔහු වඩාත් දුක් වූයේ කුඩා ළමුන් කුඩා කල සහ කෝප්ප රැුගෙන ඔවුන් ගෙන ආ ජලය ගැනීමට පෙළ ගැසී සිටින දර්ශනය දැකීමෙනි.

ගරා වැටුණු අතු සෙවෙලි කළ කටුමැටි ගෙදරක වෙසෙන දරු දෙදෙනෙකුගේ තරුණ තනි මවක් ඇයගේ දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා හිසට සෙවණක් ලබා දෙන මෙන් ඔහුගෙන් ඉල්ලා සිටින ලදි. ඉදිරි මාසයන්හී අපේක්ෂා කරන වැස්ස සමග ඇයගේ ගෙදර ඉතිරි ටිකත් කඩා වැටෙනු ඇතැයි ඇය බිය වුවා ය. එලෙස චමිල ආරම්භ කල සමාජ මෙහෙවර තුලින් මේ දක්වා නිවාස 50 වැඩි සංඛ්‍යාවක් ඉදිකර ඇති අතර එහි පළමු වැන්න මෙය විය.

රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ සේවය කල චමිල ඔහුගේ සමාජ සේවාව අඛණ්ඩව සිදු කිරීම සඳහා ප‍්‍රජාවට සමීපව සිටිය යුතු ය යන අදහස ඇතිව ප‍්‍රාදේශීය ලේකම් කාර්්‍යාලය සඳහා මාරුවක් ඉල්ලන ලදි. ‘‘මෙම තීරණය මම තනියෙන් අර ගත් එකක්. මගේ පවුලේ සාමාජිකයින් සහ යහළුවන් සියළුදෙනාම මෙම මාරුව ලබා නොගන්නා ලෙස මට උපදෙස් දුන්නා.’’

චමිල මෙන් සමාජ සේවයට කැමති ඔහුට සමීප යහළුවන් පිරිසක් වැලිකන්ද ප‍්‍රජාවට සහාය වීම සඳහා ඉදිරිපත් වූ අතර ඔවුන් ඉදිරි අනාගතයේ දීත් සමාජ සේවය සඳහා යෙදෙනු ඇතැයි ඔහු විශ්වාස කරයි. ඔහුගේ අවධානය දැන් යොමු වී ඇත්තේ ප‍්‍රජා සංවර්ධනය, ස්වයං රැුකියා අවස්ථා බිහි කිරීම, වෘත්තීය පුහුණුව, ගොවිතැන සහ ළමුන්ට ඔවුන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සඳහා සහාය වීම යනාදි ව්‍යාපෘති කෙරේ ය.

චමිල ඔහුගේ ක‍්‍රියාකාරකම් තුළින් ඔහුගේ දැක්ම කරා යන අතර ශ‍්‍රී ලංකාවේ තරුණයන්ට සහාය වීම සඳහා ඉතාමත් කැමැත්තෙන් ඉදිරිපත් වේ. ‘‘ජීවිතය යනු ආත්මාර්ථකාමී තෘප්තියක් උදෙසා විනෝදවීම නොව අනෙක් අයට උදව් කිරීම තුළින් සතුටු වීම ය යන්න අපගේ තරුණ පරපුරට අපි අවබෝධයක් ලබා දිය යුතුය.’’ අසරණ ප‍්‍රජාවට අඛණ්ඩව සහාය වීම, වනාන්තර නැවත වගාව සහ සමාජ සේවය සඳහා තරුණයින්ට මග පෙන්වීම යන කාර්යයන් සඳහා ඔහු දිගටම සහභාගීවන බව ඔහු පවසයි.

චමින්ද එක් අරමුණක් ඔස්සේම ගමන් කළ කෙනෙක්. හලාවතට එහා පිහිටි ඔහුගේ දුෂ්කර ගමේ වසර ගණනාවක් පුරා නිහඩව දුක් විදි ජනතාවගේ අනාගතය යහපත් කිරීම සඳහා ඔහු ක‍්‍රියා කළේ ය. ගම්වාසීන් විදි දුක් ගැහැටවලින් ඔවුන් මුදවා ගෙන ඔවුන් අද විදින සතුට ඔවුනට ළගා කර දීම ඔහුගේ ඒකායන අධිෂ්ඨානය විය.

‘‘ස්වෙච්ජ්ා සේවය මගේ රුධිරයේ තිබෙන දෙයක්. මම ගමේ දී ස්වෙච්ජ්ා සේවය ආරම්භ කළේ ළමා අවධියේ දීම ය. කාලයත් සමග අපේ ගම්වාසීන් අත්විඳින ගැටළු මට අවබෝධ වූ අතර මම යමක් කළ යුතු බව අවබෝධ විය. එවැනි එක් ගැටළුවක් වූයේ මූලික පුරවැසි සේවා නොමැති කම සහ ප‍්‍රධාන රජයේ නිලධාරීන් හමු වීමට නොහැකි වීමයි. එමනිසා මම තීරණය කළා ගම්වාසීන්ට පහසුවෙන් ප‍්‍රවේශ විය හැකි පරිදි ග‍්‍රාම නිලධාරී, සමෘද්ධි නිලධාරී සහ පවුල් සෞඛ්‍ය නිලධාරී ඇතුළු මෙම සියළුම රජයේ නිලධාරීන් එක වහළක් යටට ගෙන එමින් ඔවුන්ගේ කාර්යාල ඇතුළත් ගොඩනැගිලි සංකීර්ණයක් ඉදි කිරීමට.’’

මීට අමතරව දිවා රාත‍්‍රී අත්පන්දු පිටියක් ඉදි කිරීම, පවුල් 300 ක් සඳහා පානීය ජලය ලබා දීම, වැසිකිලි ඉදිකිරීම, වාරිමාර්ග ජලාශයක් ප‍්‍රතිසංස්කරණය කිරීම, ආයුර්වේද සායනයක් ඉදිකිරීම, තරුණයන් සඳහා ක‍්‍රීඩා සමාජයක් ස්ථාපිත කිරීම සහ එළිමහන් පුස්තකාලයක් ඉදිකිරීම වැනි ස්වෙච්ජ්ා සේවාවන් රැුසක් සඳහා චමින්ද සහභාගී වන ලදි. පාසල අත්හැරගිය කම්කරුවන්ගේ ළමුන් සඳහා අධ්‍යාපන පහසුකම් සැපයීමේලා නැණස සංවර්ධන පදනම ඔහු ඉතාමත් සාර්ථකව දියත් කරන ලදි.

ඔහුගේ පුතා ඉපදීමත් සමග ඔහුගේ ස්වෙච්ජ්ා සේවයෙන් වැඩි ප‍්‍රමාණයක් පරිසරය සුරැුකීම සඳහා යෙදවිය යුතුයැයි ඔහු තීරණය කළේ ය. ‘‘මගේ පුතා ඉපදුන දිනයේ පැල කළ ගස සමඟ මම පරිසරිය පිළිබද තිබූ අවධානය වැඩි කරන ලදි. එතැන් සිට ගස් වැවීමේ වැඩසටහන්, වන සංරක්ෂණය සහ දැනුවත් කිරීමේ වැඩසටහන් හරහා පරිසරය පිළිබදව ජනතාව දරන මතය වෙනස් කිරීම වැනි ව්‍යාපෘති රැුසකට සහභාගී වන ලදි. සොබාදහම අගය කිරීම පිළිබදව ළමුන්ට ඉගැන්වීමේ අරමුණ ඇතිව මම පාසල් මට්ටමින් පරිසර බලකායක් ඇති කරන ලදි. අවාසනාවකට මෙන්ම ගම්මුලාදෑනියා වූ මගේ මීමුත්තා අපේ ගම හැදීම සඳහා කැලෑව කපා ඉවත් කරන ලදි. ඊට පරම්පරා කිහිපයකට පසු අපි සොබාදහම සමග ජීවත් විය යුතු ය යන්න ජනතාවට අවබෝධ කරවීමට මම උත්සහා කරන්නෙමි.’’

පස් කැපීම සහ නීතිවිරෝධි කි‍්‍රයා සඳහා යොදා ගැනීම නිසා විනාශයට පත් පනිරන්දව වන රක්ෂිතය ආරක්ෂා කිරීම සඳහා දැන් චමින්ද ක‍්‍රියා කරයි.

ප‍්‍රතිවිපාක පිළිබද නොසළකා ඔහු ආරම්භ කළ රාජකාරිය අවසන් කර ඔහුගේ අරමුණ කරා යාමට ඔහු තීරණය කළ ඇත. ‘‘ප‍්‍රජාවට අහිතකර ලෙස බලපාන නීතිවිරෝධි සහ අයහපත් ක‍්‍රියාවන් නැවැත්වීම තුළින් ගමට යහපතක් සිදු කිරීමෙහිලා වූ මගේ උත්සහාය නිසා මට නිතරම මරණ තර්ජනවලට පවා මුහුණ දීමට සිදු වුණා. ප‍්‍රතිවිපාක පිළිබඳ නොසළකා මගේ අරමුණ කරා මා යායුතු ය යන්න මම විශ්වාස කළ බැවින් සියළු බාධක හමුවේ මම මගේ සේවාව දිගටම සිදු කළා. මේ කිසිවක් මම පෞද්ගලික ප‍්‍රතිලාභ අපේක්ෂාවෙන් කළ දේවල් නොවේ. මට අවශ්‍ය වුනේ ජනතාවට සේවය කිරීමට ය.’’

මිනිසුන් වශයෙන් ලෝකය කෙරේ අපිට වගකීමක් ඇති අතර සෑම තප්පරයක්ම අපි ඒ සඳහා ක‍්‍රියා කළ යුතු යැයි චමින්ද විශ්වාස කරයි. ‘‘අපි අපගේ ජීවිතයේ සෑම තප්පරයක්ම යහපත් දේවල් සඳහා යෙදවිය යුතු ය. අපි ජීවත් වන ලෝකයට ප‍්‍රයෝජනවත් දෙයක් කරමින් ඵලදායී ජීවිතයක් ගත කළ යුතු ය. එවිට මේ රට සංවර්ධනය කර සුන්දර හෙටක් නිර්මාණය කිරීමට අපිට හැකි යැයි මම විශ්වාස කරන්නෙමි.’’

අඩු ආදායම්ලාභී පවුලකින් එන දිලීප්ගේ මව නිතරම කියූ දෙය දුප්පත්කමින් ගොඩ ඒමට තිබෙන එකම මාර්ගය අධ්‍යාපනය බව යැයි ඔහු පවසයි. දීලීප්ගේ වයස අවුරුදු හතරේ දී ඔහුගේ පියා අකාලයේ වෙන්වීමත් සමග ඔවුන්ට ජීවතය වඩාත් අභියෝගාත්මක විය. පොඩි වැස්සකටවත් ඔරොත්තු නොදෙන වහලකින් සහ මැටිවලින් තැනූ නිවසක ඉතාමත් දැඩි දුෂ්කරතාවයන් හමුවේ ජීවත්වුනු ඔහුට ටකරන් වහලක් සවි කර ගැනීමටවත් මුදල් නොතිබුණි. වැසි කාලයේ දී ඔහුගේ මව විදින දුක දරා ගත නොහැකි වූ ඔහු වහල හදා ගැනීම සඳහා රාජසන්තක කළ නීතිවිරෝධි මත්පැන් බැරල් දෙකක් පොලීසියෙන් ඉල්ලා ගත්තේය .
සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සඳහා සුදානම්වන සිසුන්ට උදව් කිරීම සඳහා වූ ඔහුගේ කැමැත්තට ද මෙම අබලන් වහළ ගැටළුවක් විය. මෙම අබලන් නිවස තම පියාගේ 20 වෙනි ගුණ අනුස්මරණය සඳහා දානයක් දීමට තරම් සුදුසු මට්ටමේ නොතිබුණ බැවින් ඒ වෙනුවට පොළොන්නරුව දුෂ්කර පාසලක සිසුන්ට පාසල් ද්‍රව්‍ය පරිත්‍යාග කරන ලදි. අධ්‍යාපනයේ වැදගත්කම පිළිබදව උපදෙස් දෙමින් සිසුන් සමග කථාබහක යෙදුනු ඔහු දිනක් තමන් සාකච්ජ්ා කිරීමට අදහස් කළ ගැටළුවක් සම්බන්ධයෙන් දිග සටහනක් සිසුවියක් තමන්ට ඉදිරිපත් කළ බව මතක් කරන ලදි.
සිය පියාගේ හිරිහැරවලට නතු වූ මෙම සිසුවියගේ තත්ත්වය පිළිබදව දැඩි කනගාටුවට පත් දිලීප් ඇයට උදව් කිරීමට තීරණය කළ අතර ඇයගේ උසස් අධ්‍යාපන අරමුණු ළගා කර ගැනීමටද සහාය වන ලදි.
වර්ථමාන තත්ත්වයෙන් ගොඩ ඒමට අධ්‍යාපනය හැර වෙන මාර්ගයක් නොමැති තමන් මෙන් දුප්පත් පවුල්වල සිසුන්ට සහාය වීමට පෙර සදහන් කළ අවස්ථාව දිලීප්ගේ සිතේ කැමැත්තක් ඇති කරන ලදි. මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක ඉංජිනේරු උපාධිධාරියෙක් වන ගණිතයට දක්ෂ දිලීප් දිස්ත‍්‍රීක්ක 25 ක පාසල් 113 ක සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසුන් සඳහා පහසුවෙන් මතක තබා ගත හැකි ක‍්‍රම සහ කෙටි ක‍්‍රම පිළිබදව වැඩමුළු පවත්වන ලදි. මෙම වැඩමුළුවලදී ඔහු සිසුන්ට ගුරුවරයෙක් වූවා පමණක් නොව ඔහුන්ට හොඳ අනාගතයක් ගොඩ නගා ගැනීමේ ශක්තිය තිබේ ය යන පණිවුඩය ලබා දෙමින් ඔවුන්ව අධ්‍යාපනය සඳහා උනන්දු කරවන්නෙක් මෙන්ම මාර්ගෝපදේශකයෙක් ද විය.

අද මෙම වැඩමුළු සඳහා විද්‍යාව සහ ඉංග‍්‍රීසි වැනි අනෙකුත් විෂයන් සඳහා සහාය වන තමන් හා සමානව සිතන තරුණ කණ්ඩායමක් තමන් සමග සම්බන්ධ වී ඇති බව ඔහු පවසයි. මෙම සමස්ථ ක‍්‍රියාවලියම ස්වෙච්ජ්ාවෙන් සිදු කරන අතර සෑම ස්ථානයකටම බස් රථයෙන් ගොස් එම ප‍්‍රදේශයේ නිවසක නවාතැන් ගනිමින් මෙම සේවාව සිදු කරයි. මෙම දේවල්වලින් ඔහුට මුල්‍ය ප‍්‍රතිලාභයක් නොලැබෙන නමුත් සිසුන්ට ඔවුන්ගේ අනාගතය සාර්ථක කර ගැනීම සඳහා උදව් කිරීමෙන් ලැබෙන තෘප්තිය මෙම සේවය අඛණ්ඩව කර ගෙන යාමට තිබෙන එකම අභිපේ‍්‍රරණයයැයි ඔහු පවසයි.
ඔහුගේ පරිගණක ඉංජිනේරු උපාධිය ප‍්‍රයෝජනයට ගෙන ඔහු සිසුන්ට කියා දුන් උපදෙස් සහ උපායමාර්ගයන් ඇතුළත් අධ්‍යයන ඇප් එකක් සහ වෙබ් අඩවියක් නිර්මාණය කිරීමෙන් මෙම සංකල්පය ශ‍්‍රී ලංකාව පුරා ගෙන යාමට ඔහු අදහස් කරයි. එපමණක් නොව ඔහු ශ‍්‍රී ලංකාව පුරා ගස් පැල කරමින් පරිසර හිතකාමී තරුණයන් පිරිසක් බිහි කිරීමට ද ක‍්‍රියා කරයි.
දිලීප්ගේ මව නිතරම කියූ දෙයකි ‘‘දුප්පත්කමින් ගොඩ ඒමට තිබෙන එකම මාර්ගය අධ්‍යාපනය බව. එම නිසා කිසිදු ප‍්‍රතිලාභයක් බලාපොරොත්තු නොවී විශේෂයෙන් මූල්‍ය ප‍්‍රතිලාභ බලාපොරොත්තු නොවී මුළු හදවතින්ම යමෙකුට උදව් කිරීම ඉතාමත් වැදගත් යැයි ඔහු පවසයි. මම එම අවවාදය මගේ සිසුන්ට ද පවසන අතර ඔවුන් ඒ හරහා ඔවුන්ගේ අනාගතය ගොඩනගා ගනු ඇතැයි අපේක්ෂා කරන්නෙමි.

ගාමිණී විද්‍යාලයේ සිසුන්ට ගයාන් ගුණතිලක යනු එහි සංගීත ගුරුවරයා පමණක් නොවේ. ඔහු උපදේශකයෙක්, මාර්ගෝපදේශකයෙක්, යහළුවෙක් සහ විශ්වාසවන්ත හිතවතෙක් ද වේ. සෞන්දර්්‍යය විශ්වවිද්‍යාලයේ සංගීත උපාධිධාරියෙක් වන ගයාන්ගේ පළමු පත්වීම ඔහුව නුවරඑළියට ගෙන යන ලදි. එවිට පාසලේ විදුහල්පති සංගීතය ඉගැන්වීමට අමතරව ඔහුට විවිධ බාහිර ක‍්‍රියාකාරකම් රැුසක් පැවරූ අතර ඔහු ඒ සියල්ල සතුටින් භාර ගන්නා ලදි.
විෂය නිර්දේශය සම්පූර්ණ කිරීමෙන් පමණක් ඔහුගේ රාජකාරිය අවසන් වේයැයි නොසිතන ඔහු සිසුන් සමබර පුරවැසියන් කිරීමේ වගකීම ද ගුරුවරයෙකු සතුව ඇතැයි විශ්වාස කරයි. ‘‘මට නිතරම සිසුන්ට හැකි තරම් තරඟ සඳහා සහභාගීවීමේ අවස්ථාව උදා කර දීමට අවශ්‍ය වුණා. මම පාසලට සම්බන්ධ වුණ දින සිට බාලදක්ෂ ව්‍යාපාරය, තොරතුරු තාක්ෂණය, නාට්‍ය, මාධ්‍ය හෝ සංගීතය යන කුමක් වුවද සිසුන්ට මාව අවශ්‍ය සෑම මොහොතකම මම ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වුණා. මම ඔවුන්ව කෙටි චිත‍්‍රපට තරග සඳහා ඉදිරිපත් වීමට ද උනන්දු කළා. මම මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම සහ පරිසර සංරක්ෂණය වැනි දේවල් සඳහා ද සිසුන්ට මග පෙන්නුවා. පෞරුෂත්ව සංවර්ධනය සඳහා බාහිර ක‍්‍රියාකාරකම් ඉතාමත් වැදගත් බව මගේ විශ්වාසයයි. ඔබ ජීවත්වන පරිසරය ඔබ කවුරුන් වේ ද යන්න තීරණය කරයි. එබැවින් හැකි සැම විටම සිසුන්ගේ හැකියාවන් සහ කුසලතාවයන් සංවර්ධනය කිරීමට මම උත්සහා කළා.’’
බදුල්ල දිස්ත‍්‍රීක්කයේ දුෂ්කර ගමක ඉපදුන ගයාන්ට මූල්‍ය අපහසුතා හොදට හුරුපුරුදු ය. දුප්පත්කම නොසළකා ඉගෙන ගැනීමට සහ බාහිර ක‍්‍රියාකාරකම්වලට උනන්දුවක් දක්වන සිසුන් තුළින් ඔහු සිය ළමාවිය දකී. මෙය ඔහුට හැකි අයුරුන් මෙම සිසුන්ට සහාය වීමට ඔහුව පොළඹවයි. ඔවුන් මුහුණපාන විවිධ ගැටළුවලට විසදුම් සෙවීම මේ යටතේ ඔහු සිදුකළ එක් කාර්්‍යයකි. දිගු කාලයක් සිට සිසුන් මුහුණ පෑ ගැටළුවක් වන තරඟ සඳහා කොළඹට යාමට අවශ්‍ය ගමන්ගාස්තු නොමැති වීම විසදීම සඳහා ඔහු ප‍්‍රදේශයේ පාසල් 23 ක ගුරුවරුන් සහභාගී කරවාගෙන කලා අංශයේ සිසුන් සඳහා අරමුදලක් පිහිටුවන ලදි.
සිසුන්ට කාරුණිකව සැලකිය යුතුය යන්න ගයාන් විශ්වාස කරයි. ‘‘සිසුන් පාසලේ දී මෙන්ම නිවෙස්වල ද පීඩනයකින් යුතුව ජීවත්වන බව ගුරුවරුන් වන අපි අවබෝධ කරගත යුතු ය. වසර ගණනාවක් පුරා සිසුන් සමග කටයුතු කිරීමෙන් ලද අත්දැකීම් නිසා ඔවුනට ඉගැන්වීම සහ ඇසුරු කිරීම සම්බන්ධයෙන් මම වෙනස් ආකාරයකින් ක‍්‍රියා කරන්නෙමි. මම අද සිටින තත්ත්වයට පැමිණීමට මට මගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ද සහාය විය.’’
තම ආදර්ශමත් ඉගැන්වීම් කුසලතාවය සහ කැපවීම සම්බන්ධයෙන් සම්මාන රැුසක් දිනා ගත් ගයාන් සංගීත ගුරුවරයෙක් ලෙස සාර්ථක වීම පමණක් ඔහුව තෘප්තිමත් නොකරන බව පවසයි. මිනිසුන් එකිනෙකාට උදව් කළ යුතු යන දර්ශනයේ ජීවත් වන ඔහු සැවොම ළග ලෝකයට ප‍්‍රයෝජනවත් වන කුසලතාවයක් තිබෙන බව විශ්වාස කරයි. ‘‘මට නොමිලේ ඉගැන්වීමට තරම් කාරුණික වූ ගුරුවරයෙක් සිටිය අතර අද ඔහු නිසා මම මේ තත්ත්වයේ සිටින්නෙමි. මේ නිසාම මට බොහෝ දේ කිරීමට උනන්දුවක් ඇතිවිය. මගේ අරමුණ වනුයේ සමාජ සේවය සඳහා තම වෘත්තිය නොසළකා ස්වෙච්ජ්ාවෙන් ඉදිරිපත් වන තරුණ පිරිසක් බිහි කිරීමය.’’

ගේ‍්‍රටා නාලවත්ත කන්‍යා සොයුරියගේ කථාව ආරම්භ වන්නේ 1982 වසරේ දී රාගම බිහිරි ළමුන්ගේ පාසලේ දී ය. ආධුනික කන්‍යා සොයුරියක් ලෙස ඇයගේ පුහුණුව සම්පූර්ණ කොට ක්‍දබටරුට්එසදබ දෙ ධමර ඛ්ාහ දෙ ඡුැරචැඑම්ක ්‍යැකච සභාවේ කන්‍යා සොයුරියක් බවට පත් වීමෙන් පසු ඇය පාසලේ සේවක මණ්ඩලයට බැඳෙන ලදි. එහිදි ඇයගේ ජීවිතය වෙනස් මගකට යොමු කිරීමට තුඩු දුන් අර්බුදයකට ඇය මුහුණ දෙන ලදි.
රාගම බිහිරි පාසලේ ඇසීමේ දෝෂවලින් පෙලෙන ළමුන් පළමුවෙන්ම මුණ ගැසුණු ඔවුන් මෙම සමාජයට අයිති නැති අය ලෙස ඔවුන් සිතන බව ඇයට දැනිනි. ඇයට මෙය වෙනස් කර ඔවුන්ව සමාජයට එක් කිරීමට අවශ්‍ය විය.
බලාපොරොත්තු නොවූ ලෙස ඇසීමේ දෝෂ ඇති ළමුන් සඳහා වූ නව ඉගැන්වීම් ක‍්‍රම පිළිබඳ අධ්‍යයන කිරීමේ ශිෂ්‍යත්වයක් කන්‍යා සොයුරියට ලැබුණු අතර ජපානයේ බිහිරි ළමුන් සඳහා වූ නිපෝන් රොවා ගෙකෝ කථන පාසලේ විදුහල්පති බිහිරි ළමුන්ට කථා කිරීමට උගන්වන ශ‍්‍රව්‍ය-වාචික ක‍්‍රම භාවිත කිරීමට ඇයට මග පෙන්වමින් ඇයගේ සිහිනය සැබෑ කර ගැනීමට උදව් විය.
රාගම බිහිරි පාසලේ පෙර පාසලක් ස්ථාපිත කිරීමෙන් ප‍්‍රධාන අධ්‍යාපන ක‍්‍රමවේදය සඳහා ඇසීමේ දෝෂ ඇති ළමුන් සම්බන්ධ කරවීමට ගත් උත්සාහය අසාර්ථක වීමෙන් පසු සුදුසුකම්ලත් රජයේ ගුරුවරියකු ද වන ගේ‍්‍රටා කන්‍යා සොයුරියට කිරිල්ලවල මහා විද්‍යාලයේ විශේෂ ඒකකයේ ප‍්‍රධානියා ලෙස ගුරු පත්වීමක් පිරිනමන ලදි.
පාසල ළග පිහිටි පැරණි නිවසක ඇය ඇයගේ පළමු සිසුවාට ඉඟැන්වීමට ආරම්භ කළ අතර පසු කාලීනව ඇයගේ ඉගැන්වීම් දැන් දෙමාපිය යුවලක් විසින් පරිත්‍යාග කරන ලද දලූගම ස්ථාපිත ඇසීමේ දෝෂ ඇති ළමුන් සඳහා වූ අධ්‍යාපන මධ්‍යස්ථානය :ක්‍ෑ්‍යෂක්‍* වෙත රැුගෙන යන ලදි.
ක්‍ෑ්‍යෂක්‍ හී සමාරම්භක අධ්‍යක්ෂිකාව ලෙස ඇය පවසනුයේ මෙම මධ්‍යස්ථානය අධ්‍යාපනය සඳහා වෙනස්ම ප‍්‍රවේශයක් දරන සුවිශේෂී පාසලක් බවය. ‘‘ක්‍ෑ්‍යෂක්‍ යනු ප‍්‍රජා පාසලකි. ශ‍්‍රව්‍ය-වාචික ක‍්‍රම හරහා ළමුන්ව පුහුණු කර ප‍්‍රධාන අධ්‍යාපන ක‍්‍රමයට ඔවුන්ව යොමු කරවන දිවයිනේ පිහිටි එකම පාසල මෙය වේ.’’
ළදරු අවධියේම මෙම මධ්‍යස්ථානයට සිසුන්ව ඇතුළත් කර ගන්නා අතර ඔවුන් වයස අවුරුදු 5 තෙක් දෙමාපියන්ගේ සහ ගුරුවරුන්ගේ සහාය ඇතිව ඔවුන්ගේ හඬ හඳුනාගනිමින් එහි අධ්‍යාපනය ලබයි. වසර 35කට පෙර මෙම පාසල ආරම්භ කළ දින සිට දිවයින පුරා ළමුන් 675 කට වැඩි පිරිසක් ක්‍ෑ්‍යෂක්‍ වෙතින් පිටවී ඇති අතර උපාධිධාරීන් 8 ක් ද බිහි කරන ලදි. තවත් සිසුන් 8 දෙනෙක් දැනට විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ නිරතව ඇත.
කුමන අභියෝගයක් පැමිණිය ද ඇය ඇසීමේ දෝෂ ඇති ළමුන් සඳහා සහාය වීමට ගත් උත්සහාය අත්හැරීමට අදහස් නොකරයි. ‘ක්‍ෑ්‍යෂක්‍ විශිෂ්ටත්වයේ මධ්‍යස්ථානයක් බවට පත් කරමින් සියලූ‍ම පලාත් තුල ඒකක පිහිටුවීමට මම කැමත්තෙමි. එමෙන්ම කැළණිය විශ්වවිද්‍යාලය සමග එක්ව ගුරුවරුන් පුහුණු කිරීමේ පාඨමාලාවක් ආරම්භ කිරීමට ද මම අදහස් කරන්නෙමි.’’ පසුගිය අවුරුදු දහය පුරා ගේ‍්‍රටා කන්‍යා සොයුරිය පෙර පාසල් ක‍්‍රීඩාවන් තුළින් ඉගෙන ගන්නා නව ඉගැන්වීම් ක‍්‍රම ඇතුළත් විෂය නිර්දේශයක් සකස් කිරීමට ක‍්‍රියා කරන ලදි. දිවයින පුරා පිහිටි පෙර පාසල් කරා මෙය ප‍්‍රවර්ධනය කිරීමට ඇය අදහස් කරයි.
සමාජයෙන් කොන් වූ පිරිසගේ ජීවිත ආලෝකමත් කිරීම සඳහා ගේ‍්‍රටා කන්‍යා සොයුරිය ඇයගේ මුළු ජීවිත කාලයම කැප කරන අතර තමන් කරන සමාජ සේවය තුළින් විශාල තෘප්තියක් ලබයි. ‘‘ඔබ මුළු හදවතින්ම ස්වෙච්ජ්ා සේවයේ යෙදිය යුතුය. පුද්ගලයින් දියුණු වනවා දකින විට ඔබට සැබෑම සතුටක් දැනේ. ’’

2014 වසරේ දී තම පුතුට පිලිකා රෝගය වැළඳී ඇතැයි දැන ගත් මොහොතේ සිට හිලිර් මොහොමඞ්ගේ ජීවිතය වෙනස් විය. තම පුතුගේ ජීවිතය අදුරු කළ එම රෝගයේ දරුණු බව හොඳින් හදුනාගත් හිලිර්ට මෙම රෝගයෙන් පීඩා විඳින දසදහසක් පිරිසගේ වේදනාව සහ දුක තුරන් කිරීමට අදිටන් කරගත්තේය. මහරගම අපේක්ෂා රෝහලට ඡුෑඔ ස්කෑනර් යන්ත‍්‍රයක් ලබා දීම ඔහුගේ පුතාගේ අවසන් බලාපොරොත්තුව ද විය.
පසුගිය කාලය දෙස බැලූ විට මෙම ව්‍යාපෘතිය ඔහුට ළගා කර ගත නොහැකි තරමේ අභියෝගයක් විය. ඡුෑඔ ස්කෑනර් යන්ත‍්‍රයක් මිලදී ගැනීම සඳහා ඔහු අරමුදල් එකතු කිරීමට ආරම්භ කළේ මෙරට ජාතික සමගිය බිඳ වැටී තිබුණ කාලයක දී ය. අරමුදල් එකතු කිරීම සඳහා දිවයින පුරා විසිරී සිටින සියළුම ආගම් සහ ජාතීන් නියෝජනය කරන සමස්ථ ප‍්‍රජාව කරා යාමේ ඔහුගේ අදහස ඉටු කර ගැනීමට ඔහු මුස්ලිම්වරයෙකු වීම බාධාවක් වේ යැයි ඔහු කනගාටු විය.
ඔහු නොසැලී අභියෝගය බාර ගන්නා ලදි. ඔහුගේ පළමු අභිපේ‍්‍රරණය වූයේ ඔහුගේ පුතාගේ අවසන් ඉල්ලීම සහ දෙවෙනුව සමාජයට සේවයක් කිරීම ය. මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ දී ඡුෑඔ ස්කෑනර් යන්ත‍්‍රයක් මිලදී ගැනීම සඳහා අවශ්‍ය අරමුදල් එකතු කර ගැනීමට සමස්ත ශ‍්‍රී ලාංකික ජනතාවගේ නොමසුරු පරිත්‍යාගය උදව් විය. සෑම තප්පර 12කට වරක්ම අරමුදල් ගිණුමට මාරු වන ආකාරය ඔහු නිරීක්ෂණය කළ අයුරු ඔහු මතක් කරයි. ඔහුගේ මෙම වෑයම ජාති ආගම් භේදයකින් තොරව සියළුම දෙනා එක් අරමුණකට එක් කිරීමට සමත් වූ බව ඔහුට පසුව වැටහුනි.
ඔහුගේ ස්වෙච්ජ්ා සේවය ඉදිරියට ගෙන යාමට කණ්ඩායමක් පත් කළ හිලිර්ගේ සිහිනය වූයේ පිලිකා රෝගය නිට්ටාවට සුව කළ හැකි ප‍්‍රතිකාරයක් සොයා ගන්නා දිනය දැකීම ය. එම දිනය එන තෙක් ඔහු ජීවිත බේරා ගැනීම සඳහා ක‍්‍රියා කරන බවට පොරොන්දු විය. ඔහු විසින් ස්ථාපිත කළ පිලිකා මර්දන කණ්ඩායමේ සියළුම ආගම් සහ සමාජීය පසුබිම් නියෝජනය කරන සාමාජිකයින් 150 ක් පමණ සිටී. ඔවුන්ගේ සමාජ සේවාවේ වර්ථමාන අරමුණ වනුයේ රෝහලට ඡුෑඔ ස්කෑනර් යන්ත‍්‍රයක් ලබා දීමට එහා යමක් කිරීම යැයි ඔහු පැවසුවේ ය. 2025 වසර වන විට මහරගම අපේක්ෂා රෝහල දකුණු ආසියාවේ හොඳම රෝහල බවට පත් කිරීම ඔහුගේ අරමුණ වේ.
ඔහුගේ වර්ථමාන වෑයම වනුයේ රෝහල සඳහා ඛෂභෑඔ ඇඳන් සහ ටීමෝතෙරපි යන්ත‍්‍රයක් මිලදී ගැනීම සඳහා අරමුදල් රැුස් කිරීම ය. රෝහල සඳහා ක්‍ඔ ස්කෑනරයක් සහ ඵඍෂ යන්ත‍්‍රයක් ලබා දීමට ද ඔහු අදහස් කරයි. රෝහලට අත්‍යාවශ්‍ය උපකරණ ලබා දීමට සහ පැරණි යන්ත‍්‍ර සඳහා නව යන්ත‍්‍ර ලබා ගැනීම සම්බන්ධයෙන් ඔවුන් දැන් ක‍්‍රියා කරයි.
පිලිකා රෝගය මර්දනය කිරීම සඳහා දැන් හිලිර් ඔහුගේ ජීවිතය කැප කර ඇති අතර මෙම සමාජ සත්කාරය සඳහා සියළුම පුද්ගලයින් එක් රැුස් කිරීම සම්බන්ධයෙන් ඕනෑම කැප කිරීමක් සිදු කිරීමට ඔහු සුදානම් ය. ‘‘මම මගේ පවුල සහ ව්‍යාපාරය වෙනුවෙන් වෙන් කළ කාලය මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය සඳහා කැප කළ අතර ඒ සම්බන්ධයෙන් මම කිසි විටෙක පසුතැවිලි නොවන්නෙමි. මම මගේ පුතාගේ අවසාන ඉල්ලීම ඉටු කළා පමණක් නොව ජාතිආගම් භේදයකින් තොරව සියළුම පුද්ගලයින් එක කාරුණික අරමුණක් කරා මෙහෙයවීමට ද මට හැකි විය. පිලිකා රෝගය වැළැක්වීමට වඩා වැඩි ප‍්‍රතිලාභයක් මෙවැනි ව්‍යාපෘතියක් තුළින් ලැබේ. බෙදිය නොහැකි එකම ශ‍්‍රී ලංකාවක් ලෙස අපි ක‍්‍රියා කරයි.’’
හිලිර් අදහස් කරන පරිදි සමාජ සේවය යනු සත් ක‍්‍රියාවක් සිදු කිරීමේ අරමුණ යි. ‘‘වසර 20 කට පෙර මගේ මවගේ අනුස්මරණය සනිටුහන් කරමින් මම කඞීජා පදනම පිහිටුවන ලදි. එබැවින් මට සමාජ සේවය සම්බන්ධයෙන් අත්දැකීම් තිබේ. මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට එම අත්දැකීම් උදව් විය. පුරවැසියෙක් ලෙස ඔබේ රටට සහ ජනතාවට කළ හැකි දේ බොහෝ ය. චේතනාව හොඳ නම් ඔබ කරන ඕනෑම දෙයක් සාර්ථක වේ.’’

ගොඩකවෙල කසන්තොට හී පදිංචි 67 හැවිරිදි ඩබ්ලියු. කේ. විෙඡ්රත්න අවුරුදු 44 ක් පුරා ස්වදේශීය වෙදකම හරහා ජීවිත ගණනාවක් බේරා ගන්නා ලදි. සිය පියාගේ මරණයෙන් පසු සාම්ප‍්‍රදාය රැුක ගත් විෙඡ්රත්න මෙම ඓතිහාසික වෙද ක‍්‍රමය මතකයෙන් ගිලිහෙන්න ප‍්‍රථම ඔහුගේ දැනුම සිය පුතාට ලබා දේ.

‘‘ මගේ පියා මත යැපුන පිරිස මම දුටු නිසා පියාගේ මරණයෙන් පසු ජීවිත බේරා ගැනීමට ක‍්‍රියා කළ යුතු ය යන්න මම තීරණය කරා ඔහුගේ සේවය දිගටම පවත්වාගෙන නොගියහොත් එම මිනිසුන් අසරණ වෙනවා. එමෙන්ම මෙම සම්ප‍්‍රදායික වෙද ක‍්‍රමය ඉතාමත් වේගයෙන් ඉවත්ව යන අතර එය වැළැක්වීමේ වුවමනාවක් ද මට තිබුණි. මට ශ‍්‍රී ලාංකික උරුමය අනාගතය වෙනුවෙන් සුරැුකීමේ අවශ්‍යතාවය තිබූ අතර මෙම වෙද ක‍්‍රමය මෙතෙක් කල් කර ගෙන ආවේ ඒ නිසයි.’’

සුදුසුකම්ලත් ආයූර්වේද විෂ වෛද්‍ය විෙඡ්රත්න පවසනුයේ ඓතිහාසික පොතකින් ලබා ගත් දැනුම භාවිත කර මිනිසුන්ගේ ජීවිත බේරා ගැනීමට ලැබීම ඔහු ලද වරප‍්‍රසාදයක් බව ය. ‘‘ මිනිසුන්ගේ ජීවිත බේරා ගැනීම මගේ වගකීම ලෙස මම සළකමි. මන්ද යත් මේ ආකාරයෙන් මිනිස් ජීවිත බේරා ගනිමින් සමාජයට සේවය කිරීමේ හැකියාව සැමටම නොලැබෙන බැවිනි. උදාහරණයක් ලෙස මගේ රෝගියෙක් ඔහුගේ පවුලේ ප‍්‍රධාන ආදයම් උපයන්නා වූ විට මම එම රෝගියාගේ ජීවිතය බේරා ගත් විට මම ඔහුව පමණක් නොව මුළු පවුලම පීඩාවකින් බේරා ගත්තා වේ.’’

ශරීරයෙන් විෂ ඉවත් කිරීමට සාම්ප‍්‍රදායික ක‍්‍රම යොදා ගැනීමේ විශේෂඥවරයෙක් වන විෙඡ්රත්න මහතාගේ රෝගීන් නයි විෂ, දෙබර සහ මීමැසි විෂ ඉවත් කිරීමට සහ ස්නායු පද්ධතියේ රෝග සඳහා ඔහුගේ පිහිට පතයි. ‘‘රෝගීන්ගේ සෞඛ්‍යය තත්ත්වය යහපත් අතට ගෙන ඒම සඳහා මම ඉතාමත් පැරණි වෙද ක‍්‍රම භාවිත කරන්නෙමි. කැලෑවෙන් සොයා ගත් ඖෂධ පැලෑටි යොදා ගෙන මම විසින්ම ඖෂධ සාදා ගන්නෙමි. මෙම ඖෂධ බොහෝමයක් සඳහා විශාල වියදමක් යයි. නමුත් මම මුහුණපාන ආර්ථික ගැටළු නොසළකා මෙම වෙද ක‍්‍රමය පවත්වාගෙන යන්නෙමි.’’

වෙදකම ඔහුගේ විනෝදාංශය කර ගත් විෙඡ්රත්න මහතාගේ ජීවනෝපාය වනුයේ ගොවිතැන ය. රෝග සුව කිරීමේ සමාජ සේවයට අමතරව දේශීය ගොවීන්ගේ සංගමයේ ලේකම් ලෙස ඔහු වසර 24 ක‍්‍රියා කළේ ය. එම කාලය තුළ ඔහුගේ සේවය එම ප‍්‍රදේශයේ ගොවි ප‍්‍රජාවගේ සුභසාධනය සඳහා මහත් සේ දායක විය.

සාම්ප‍්‍රදායික ඖෂධ සඳහා කිසිදු පිළිගැනීමක් නොමැති බැවින් මෙම සාම්ප‍්‍රදායික වෙදක‍්‍රමය මෙරටින් අතුරුදහන් වේය යන්න ඔහුගේ විශාලම බිය වේ. අනෙකුත් වෛද්‍යවරුන් සුව කළ නොහැකියැයි පවසන ලෙඩ රෝග බොහෝමයකින් මිනිස් ජීවිත බේරා ගනිමින් ඔහුට පුළුවන් තරම් කාලයක් මෙම උරුමය පවත්වාගෙන යාමට ඔහු තීරණය කරන ලදි. ‘‘මම මෙය මුදල් සඳහා නොකරමි. මම මෙය මිනිසා කෙරේ ඇති සානුකම්පාව නිසා සිදු කරමි. මම මුහුණපාන බාධක නොසළකා මම මෙම සම්ප‍්‍රදායික වෙද ක‍්‍රමය අනාගතය සඳහා රැුගෙන යන්නෙමි.’’

ස්වදේශීය වෛද්‍යවරයෙකු සහ ගොවිමහතෙකු ලෙස ඔහු මිනිසුන්ට උදව් කිරීම සඳහා ඔහුගේ ජීවිතය කැප කර ඇත. කිසිම කෙනෙක් ආත්මාර්ථකාමී නොවිය යුතු අතර ප‍්‍රජාවට සේවය කළ යුතු ය. ‘‘මිනිසාගේ පරම වගකීම වනුයේ මිනිසත්බව සුරැුකීම සඳහා මිනිසාට සේවය කිරීම ය. ’’

පෞද්ගලික ප‍්‍රතිලාභ ලබා ගන්නවාට වඩා යමක් ජීවිතයේ තිබෙන බව තරුණ කුමාර නිතරම විශ්වාස කළේය. ළමා කාලයේ සිටම සමාජ සේවය කෙරේ තිබූ ඔහුගේ කැමැත්ත නිසාම ඔහුගේ ගම දුගී බවෙන් මුදවා ගැනීමට සහ ඔහු ජීවත්වන ප‍්‍රජාව සංවර්ධනය කිරීමෙහිලා ඔහුට වැදගත් කාර්යභාරයක් ඉටු කළ හැකි බව ඔහු දැනගෙන සිටියේ ය.
ජාතික තරුණ සේවා සභාවේ අර්ධ කාලීන සේවයේ නියුතු තොරතුරු තාක්ෂණ ගුරුවරයෙකු වූ කුමාර පාසලේ දී සම්බන්ධ වන විවිධ බාහිර ක‍්‍රියාකාරකම් සමාජ සේවය සඳහා වූ ඔහුගේ කැමැත්ත තවතවත් වර්ධනය කරන ලදි. ළමා කාලයේ දී මෙන්ම පසුව තරුණ කාලයේ දී ද ඔහු සම්බන්ධ වූ සෑම වැඩසටහනක්ම ඔහුට තමන්ගෙන් එහා ජීවිතය දැකීමට බලපෑම් කළ අතර අද අපි අතර සිටින තරුණ ක‍්‍රියාශීලී නායකයා බිහි කිරීමට ඉවහල් වන ලදි. දහම් පාසල තවත් එවැනි ධනාත්මක බලපෑමකි. එය ඔහුගේ මනස අසරණයන්ට සහාය වීම සහ ප‍්‍රජාව සවිබල ගැන්වීම කෙරෙහි යොමු කරවන ලදි.
විවිධ ව්‍යාපෘති රැුසක් එක විට ක‍්‍රියාත්මක වන විට, මෙම ක‍්‍රියාවලිය නිසි ආකාරයෙන් සිදු කිරීමේ අවශ්‍යතාවය ඔහුට අවබෝධ විය. ඒ අනුව 2013 වසරේ දී කුමාර රණසිංහ පදනම ස්ථාපිත කරන ලදි. එතැන් සිට තරුණයින් මත්ද්‍රව්‍යවලට යොමු වීම පිළිබදව දැනුවත් කිරීම, අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන්ට අධ්‍යාපන ද්‍රව්‍ය සැපයීම, දීවා රාත‍්‍රී අත්පන්දු ක‍්‍රීඩාංගනයක් ඉදි කිරීම, ප‍්‍රජා ශාලාවක් සහ වලගම්බා විද්‍යාලය සඳහා ක‍්‍රීඩාපිටියක් ඉදි කිරීම ඇතුළුව ගල්ගමුව ප‍්‍රදේශය තුළ මෙම පදනම ව්‍යාපෘති ගණනාවක් දියත් කරන ලදි.
2017 වසරේ දී දැඩි නියගයෙන් පීඩා විදි ගල්ගමුව ප‍්‍රදේශයේ මිනිසුන්ට සහනයක් උදා කර දීම සඳහා කුරන්දන්කුලම ජල ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීම කුමාර භාර ගත්තේ ය. මෙම ව්‍යාපෘතිය හරහා පුද්ගලයින් 500 කට වැඩි පිරිසක් සහිත පවුල් 100කට දවසේ පැය 24 පුරාම ජලය ලබා දෙන ලදි. ඔහුගේ ප‍්‍රධානතම අභියෝගය වූයේ අරමුදල් සොයා ගැනීමයි. තරුණ පාර්ලිමේන්තු සමාජය මෙම ව්‍යාපෘතිය සඳහා රු. 150,000 ක් වෙන් කළ ද රුපියල් මිලියන 9.6 ක් වූ ව්‍යාපෘති පිරිවැය සපුරා ගැනීමට එය කිසිසේත් ප‍්‍රමාණවත් නොවී ය.
ප‍්‍රාදේශීය ලේකම් කාර්්‍යයයාලයන්, ප‍්‍රජාව සහ ඔවුන්ගේ පෞද්ගලික සම්බන්ධකම් හරහා මෙන්ම සමාජීය මාධ්‍යයන් හරහා මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය සඳහා අරමුදල් රැුස් කර ගැනීමට සහාය වූ සියළුදෙනාම ඔහු සිහිපත් කරන්නේ ඉතාමත් ගෞරවයෙනි.
ඉදිරි අනාගයේ දී ප‍්‍රජා සංවර්ධනය කෙරේ බලපාන ප‍්‍රධාන ගැටළු දෙකක් විසදීම සඳහා කුමාර අදහස් කරන අතර ඉන් පළමු වැන්න වනුයේ තරුණයන් අතර වූ විශාල විරැුකියා ගැටළුව විසදීම සහ දෙවැන්න වනුයේ ගල්ගමුව ප‍්‍රදේශයේ පවත්නා අලි මිනිස් ගැටුම් නතර කිරීමය. අලි මිනිස් ගැටුම් සඳහා ඔහු දැනටමත් ‘‘භෝග ආරක්ෂක’’ නමින් නව උපකරණයක් සංවර්ධනය කර ඇති අතර ශ‍්‍රී ලංකා නිමැවුම්කරුවන්ගේ කොමිසම විසින් සංවිධානය කළ තරගයක දී එය ජයග‍්‍රාහනය කරන ලදි. විරැුකියා ගැටළුව විසදීම සඳහා ඔහු දැනටමත් තරුණයින් සඳහා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා සැලසුම් දියත් කර ඇත.
‘අපි නෙලන්නේ අපි වපුරන දේ’ යන සරල දර්ශනය මත ජීවත් වන කුමාර පවසන පරිදි ස්වෙච්ජ්ා සේවයේ යෙදිය යුත්තේ පෞද්ගලික වාසියක් හෝ ලාභයක් බලාපොරොත්තුවෙන් නොව ඉන් ලැබෙන තෘප්තිය උදෙසාය. ‘‘ස්වෙච්ජ්ා සේවයේ යෙදෙන ඕනෑම කෙනෙකුට පෞද්ගලික මූල්‍ය දුෂ්කරතා සහ මානසික සංවේගය ඇතුළුව අභියෝග රැුසකට මුහුණ දීමේ හැකියාව තිබිය යුතු ය. අපි සාර්ථකව එම අභියෝගයන්ට මුහුණ දුන්නොත් ව්‍යපෘතිය අවසන් කිරීමෙන් අපිට ලැබෙන තෘප්තිය අවසානය දක්වා අපි ළග රැුදේ. ’’

2002 වසරේ දී සිදු වූ මාරාන්තික රිය අනතුරකින් ඔහුගේ පියාගේ ජීවිතය නැති වූ අතර තරුණ යායීෂ්ගේ පාදයක් ආබාධයකට ලක්විය. එම වෙලාවේ සුව කළ හැකිව තිබූ රෝගී තත්ත්වය වෛද්‍යවරයාගේ නොසැළකිලිමත්බව නිසා තරුණ යායීෂ්ව ස්ථිර ආබාධිතයෙක් බවට පත් විය.

එහා මෙහා දුව පැන ඇවිදිමින් කාලය ගත කළ මෙම ක‍්‍රියාශීලී තරුණයාට එක් තැන් වී සිටීමට සිදු වීම ඉතාමත් අපහසු විය. ඔහුගේ අවාසනාවන්ත තත්ත්වය ද අනෙකුත් ආබාධිතයන් විදින දුෂ්කරතාවයන් පිළිබදව අවබෝධ කර ගැනීමට පහසු කළ අතර ගැටළු හදුනාගෙන ආබාධිතයන් සවිබල ගැන්වීමෙහිලා ක‍්‍රියා කිරීමට ඔහු පෙළඹුණි.

ඔහුගේ නව අරමුණ සමග දික්වැල්ල ප‍්‍රදේශයේ සිටින ආබාධිත පුද්ගලයින් හමු වීමට ගිය අතර ඔහු සිතුවාට වඩා වැඩි ආබාධිත පිරිසක් සිටින බව අවබෝධ කර ගත් ඔහු ඔවුන්ගේ සුභසාධනය සඳහා යමක් කළ යුතු ය යන්න තීරණය කරන ලදි.

2001 වසරේ ආරම්භ කළ නවසහන ආබාධිත පුද්ගලයින්ගේ සංවිධානයේ ක‍්‍රියාකාරී කාර්්‍යභාරයක් ඉටු කළ යායීෂ් ඉතාමත් ඉක්මනින් එහි භාරකරු බවට නම් කෙරිණි. මෙම ප‍්‍රජාව සම්බන්ධයෙන් ඔහුගේ වූ දැක්ම සහ කැපකිරීම ඉතාමත් කෙටි කලකින් ඔවුව එම සංගමයේ සභාපති බවට පත් කරන ලදි.

ඔහුගේ ප‍්‍රධාන අරමුණවූයේ ප‍්‍රදේශයේ සිටින ආබාධිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් සඳහා හඩක් නගමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීම ය. ඔහු මෙරට රාජ්‍ය ආයතනවල සහාය ලබා ගෙන ආබාධිත පුද්ගලයින්ගේ නිවෙස් සඳහා මූලික ප‍්‍රවේශ මාර්ග ඉදිකිරීමෙහිලා සීමිත වශයෙන් අරමුදල් සපයා ගන්නා ලදි. මෙම පාරවල් සමහරක් වාහන ගමන් කළ නොහැකි, දුෂ්කර, අබලන් අඩි පාරවල් වන අතර ඒවා දැන් ඔහු වැනි ආබාධිත පුද්ගලයින්ට පහසුවෙන් ගමන් කළ හැකි තැනිතලා බොරළු පාරවල් ය. දෘෂ්‍යාබාධිතයින් ඇතුළුව ආබාධිත තරුණයින්ට මූලික පරිගණක කුසලතාවයන් ඉගැන්වීම සඳහා ඔහු පරණ පරිගණක කිහිපියක් ද එකතු කර ගන්නා ලදි. මෙම තරුණයින් සමහරක් නිවසේ සිට පිටපත් කිරීම් සහ දත්ත ඇතුළත් කිරීම වැනි කාර්්‍යයන්වල නිරත වෙමින් ඔවුන්ගේ මූලික ජීවන වියදම උපයා ගනී.

ෘඡුධ හරහා ආබාධිත පුද්ගලයින්ගේ අවශ්‍යතාවයන් පිළිබදව රජය, පෞද්ගලික අංශය සහ ජනතාව දෙැනුවත් කිරීමට යායීෂ් බලාපොරොත්තු වේ. ‘‘ මට සිදු වූ අවාසනාවන්ත සිදුවීම ඕනෑම අයකුට සිදුවිය හැකි අතර මෙවැනි අවාසනාවන්ත සිදු වීමක දී ඕනෑම කෙනෙක් අසරණ වේ. වැඩිහිටි පිරිස ඇතුළුව ආබාධිත පුද්ගලයින් සමාජයට අනුගත කර ගැනීම හා ඔවුන්ගේ අවශ්‍යතාවයන් හදුනාගැනීමෙහි වැදගත්කම ජනතාවට අවබෝධ කරවීමට මම උත්සහා කරන්නෙමි.’’

ආබාධිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීම ඔහුගේ වර්ථමාන අභියෝගය වේ යැයි යයීෂ් පවසයි. ‘‘ ආබාධිත පුද්ගලයින්ට හිතකර සමාජයක් බිහි කිරීම සඳහා ප‍්‍රමාණවත් නීති සම්පාදනය වී නොමැත. අපි එය වෙනස් කළ යුතු ය. එහා මෙහා ගමන් කිරීම ප‍්‍රධාන ගැටළුවලින් එකකි. සමහර ගොඩනැගිලිවල වෙනමම ප‍්‍රවේශයක් තිබුණ ද ආබාධිත පුද්ගලයින්ට ඒ මත ගමන් කිරීම අභියෝගයක් වේ. අපි මෙය වෙනස් කළ යුතු යි. එක් එක් පුද්ගලයාගේ ආබාධිත තත්ත්වය නොසළකා හැකි සැමවිටම ඔවුන් ද සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට කැමති යි. ඔවුන්ව ඒ අයුරින් භාර ගෙන ඔවුනට ආර්ථිකව සහ ගමන් කිරීමේ දී ස්වාධීනව ක‍්‍රියාකළ හැකි හිතකර පරිසරයක් ගොඩනැගීම සමාජයේ වගකීම වේ.

වැඩිහිටි, රෝගී අසරණ ගම්වාසීන්ට උදව් කිරීමේ කැමැත්ත ඔවුන්ව ඇයගේම සමීපමයින් මෙන් ආදරයෙන් බලා ගැනීමට නදීකාව උනන්දු කළ අතර මෙය ග‍්‍රාමීය සෞඛ්‍යාරක්ෂාව සඳහා නව අරුතක් දීමට සමත් විය.
දොඩන්ගොඩ පදිංචි නදීකාගේ ගමන ආරම්භ වන්නේ 2013 දී ඇය වාර්තා සහ ලියකියවිලි පවත්වාගෙන යාම සඳහා කටුගහහේන ග‍්‍රාමීය රෝහලේ නේවාසික වෛද්‍යවරයාට සහාය වීමට ස්වෙච්ජ්ාවෙන් ඉදිරිපත් වූ දින සිටයි.
උසස් අධ්‍යාපනය සඳහා කලා විෂය තෝරා ගත්ත ද හෙදි සහ උවටැන් සේවාව කෙරේ නදීකාගේවූ දැඩි ආශාව රෝහලේ සේවය කිරීමට ලද අවස්ථාව භාර ගැනීමට ඇයව පොළඹවන ලදි. රෝහලේ එතරම් පහසුකම් නොතිබුණ අතර හෙදියන් සංඛයාව ද අඩු මට්ටමක පැවතිණි. එමනිසාම හැකි හැම අවස්ථාවකම හෙදියකගේ කාර්යභාරය සිදු කිරීමට නදීකාට ඉදිරිපත් වීමට හැකි විය. රෝහලේ සංවර්ධනය සඳහා දායක විය හැකි ආකාරය සොයා බැලීමට ඇයට ස්වෙච්ජ්ාවෙන් ඉදිරිපත් වීය. රෝහල අද තිබෙන මට්ටමට ගෙන ඒමට ඇයගේ දායකත්වය ද ඉවහල්වන ලදි.
අසනීපව අසරණව ඉන්නා අයට උදව් කිරීමට ඇයගේ තිබූ කැමැත්ත ඇයට මෙම රැුකියාව පිළිබදව ඉගෙන ගන්න උනන්දු කරවන ලදි. ‘‘නොයෙකුත් රජයේ ආයතන විසින් මෙහෙය වූ විවිධ පුහුණු වැඩසටහන් හරහා මම මගේ කුසලතාවයන් සංවර්ධනය කර ගත් අතර මම ඉගෙන ගත් දේවල් අන් අයට උදව් කිරීම සඳහා යොදා ගන්නා ලදි. මම ලබා ගත් දැනුම රෝහල සංවර්ධනය කිරීම සඳහා මම උපයෝගි කර ගත්තෙමි. මෙම ගමේ ප‍්‍රදේශවාසීන් බොහෝ දෙනෙක් පොහොසත් අය නොවන අතර ඉතාමත් දැඩි දුෂ්කරතාවයන් හමුවේ ජීවත්වන අයයි. මට අවශ්‍ය වන්නේ මට හැකි අයුරින් ඔවුන්ගේ ජීවිත නගා සිටුවීම සඳහා සහාය වීමට ය. ’’
රෝහලේ තත්ත්වය සහ ප‍්‍රමිතිය වැඩි දියුණු කිරීම සඳහා වූ නදීකාගේ අධිෂ්ඨානය නිසාම ඇය රෝහලේ ී5 ඵලදායකත්ව පද්ධතිය ක‍්‍රියාත්මක කළ අතර පැසසුම් මැද සම්මානයන්ගෙන් පිදුම් ලැබීමට මෙය හේතු විය. ‘‘මම මෙහි සේවය කිරීමට පටන් ගත් කාලයේ රෝහලට එක් බාහිර රෝගී අංශයක් තිබූ අතර වාට්ටු තිබුණේ නැත. මම රෝහලේ සේවක මණ්ඩලය සමග කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම සඳහා ක‍්‍රියා කළ අතර ඵලදායිතාවය සඳහා සම්මානයක් දිනා ගැනීමට අපිට හැකි විය. සම්මානය දිනා ගැනීමෙන් රෝහල ලද පිළිගැනීම, රෝහලේ පවත්නා පහසුකම් වැඩි දියුණු කිරීමට සඳහා සහාය ලබා ගැනීමේ දී පහසුවක් විය. ’’

රෝගීව තම ජීවිතය ඇදටම සීමා වූ වැඩිහිටි අයට ඇපඋපස්ථාන කිරීම, රෝහලේ ප‍්‍රථම බෝනොවන රෝග ඒකකය ස්ථාපිත කිරීම, රෝග වැළැක්වීම සහ හොද ආහාර පුරුදු සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් සහ නොමිලේ සෞඛ්‍යය සායන පැවැත් වීම සහ රෝගීන්ගේ තොරතුරු එකතු කිරීම සඳහා මෘදුකාංගයක් නිර්මාණය කිරීම ඇතුළුව විවිධ අංශයන් නියෝජනය කරමින් ස්වෙච්ජ්ා සේවාවන් රැුසක් ඇය සිදු කරන ලදි.
රෝහල සංවර්ධනය කිරීමට පමණක් සීමා නොවූ ඇයගේ සේවය ගමේ පාසලෙන් අස්වුණු කාන්තාවන්ට සහ තරුණයන්ට ස්වයං රැුකියා අවස්ථා ඇති කිරීම සඳහා ද ඇය ක‍්‍රියා කරන ලදි.
ගම සංවර්ධනය කිරීම සඳහා ක‍්‍රියා කරන ගමෙන් පිට කෙනෙක් ලෙස මෙතෙක් ඇය ලද ආදරය, සහාය සහ ඇගයීම් පිළිබදව ඇය ඉතාමත් කෘතඥ වන්නේය. ‘‘මගේ කාලයෙන් බොහෝ වෙලාවක් මේ ගමේ ගත කරන්නෙමි. මන්ද යත් මම මෙම මිනිසුන්ට සේවය කිරීමට කැමැත්තෙමි. මම අඛණ්ඩව මිනිසුන්ට සහාය වන අතර මගේ ස්වෙච්ජ්ා සේවය අවට ගම්වලටත් ව්‍යාප්ත කරන්නෙමි. ’’
හෙදි සේවය සහ රෝගීන්ට ඇප උපස්ථාන කිරීමෙහිලා ඇයගේ වු උනන්දුව ආයුර්වේද අධ්‍යාපනය ලබා ගැනීම සඳහා ඇයව යොමු කරවන ලදි. ඉදිරි අනාගතයේ දි මිනිසුන් බොහෝමයකට සේවය කිරීමට මෙය උදව්වනු ඇතැයි ඇය පවසයි.
සිය කැමැත්තෙන් ස්වෙච්ජ්ා සේවයේ යෙදුනු නදීකා අන්අයට උදව් කිරීමෙන් කිසිදු මූල්‍ය ප‍්‍රතිලාභයක් බලාපොරොත්තු නොවේ. ‘‘සැමටම කවුරුන්හට හෝ උදව් කිරීමට ස්වෙච්ජ්ාවෙන් ඉදිරිපත් විය හැකි නම් එය ඉතාමත් අගනේ ය. එවිට මෙම ලෝකය සුන්දර ස්ථානයන් වේ. ’’

උපදේශන ශල්‍ය වෛද්‍ය රංජන් මල්ලවආරච්චි විශ්වාස කරන පරිදි වෛද්‍යවරයාගේ වගකීම ඖෂධ නියම කිරීමට පමණක් සීමා නොවේ. මෙම සංකල්පය හා යමින් ශ‍්‍රී ලංකාවේ පිලිකාව වැනි මරණය වැළඳගත් දිගු කාලීන රෝගවලින් පෙලෙන රෝගීන් කෙරේ ඔහුගේ කාරුණික අවධානය සහ සැලකිල්ල යොමු විය. මුළු ලෝකයම ඔවුන්ව අතහැර දැමූ විට, ඔවුන්ට යාමට තැනක් නොමැති විට, ඔහු ඔවුනට ශක්තියක් විය. ඔවුන්ගේ එකම ගැලවුම්කාරයා වෙමින් ඔවුන් සනසවමින් ඔවුන් සමග අවසානය දක්වා ගමන් කරන ලදි.
අසාධ්‍ය රෝගයකින් තම ආදරණීයෙකු පෙලෙන ආකාරය කිසිදු හරණක් නොමැතිව බලා සිටි තරුණ වෛද්‍ය මල්ලවආරච්චි ජීවිතාන්තය දක්වා සෞඛ්‍යාරක්ෂාව පිළිබදව වැඩිදුර අධ්‍යයනය කිරීමටත්, වෛද්‍ය ක‍්‍රමයන්ට සුව කළ නොහැකි රෝගයන්ගෙන් පෙලෙන රෝගීන්ට සහාය වීමටත් උනන්දු විය.
‘‘සුව කළ නොහැකි දිගු කාලීන අසාධ්‍ය රෝගයකින් රෝගියෙක් පෙලෙන විට රෝහල් එම රෝගියාගේ වගකීම බාර නොගනී. එම රෝගීන් නිවෙස් කරා යැවූ විට එම නිවෙස්වල ඔවුන්ව නිසි ආකාරයෙන් බලා ගැනීමට කෙනෙක් නොමැති බැවින් ඔවුන් අසරණ වෙනවා. ශ‍්‍රී ලංකාවේ මාරාණ්තික රෝගී සහන සේව සංකල්පය ක‍්‍රියාත්මක නොවේ එය අපගේ වෛද්‍ය පද්ධතියට ඇතුළත් කර නොමැත.’’ මෙය වෛද්‍ය රන්ජන්ගේ අදහසයි
ඔහු මාරාණ්තික රෝගී සහන සේවය යන සංකල්පය 2011 වසරේ දී වවුනියාව මූලික රෝහලට හඳුන්වා දෙන ලදි. පසුව එම සංකල්පය යාපනය, කිලිනොච්චි සහ මුලතිව් දිස්ත‍්‍රීක්කවලට හදුන්වාදෙන ලදි. 2015 දී ඔහු මෙම සංකල්පය කුලියාපිටිය රෝහලට හඳුන්වාදුන් අතර රෝගීන් 30 දෙනෙකුගෙන් ආරම්භ කළ එය දැන් රෝගීන් 300 දක්වා වර්ධනය වී ඇත.
ඔහු රෝගීන්ගේ භෞතික වේදනාවන්ට පමණක් සීමා නොවූ සෞඛ්‍යාරක්ෂාවක් සැපයීම සඳහා සංගමයක් ස්ථාපිත කරන ලදි. ‘මෙම වැඩසටහන හරහා අපි භෞතික වේදනාවන් පමණක් සැලකිල්ලට නොගන්නෙමු. අපි රෝගීන් මුහුණපාන භෞතික, මානසික, සමාජීය සහ අධ්‍යාත්මික ගැටළුවලට විසදුම් සොයන්නෙමු. මෙම රෝගීන්ට ජීවත්වන්න ඉතිරිව ඇත්තේ ඉතාමත් කෙටි කාලයකිි. අපි ඔවුන්ව සතුටින් තැබිය යුතු යි. ඔවුන්ට කිසිදු වේදනාවකින් හෝ පෙලීමකින් තොර සුවදායකව මෙන්ම ගෞරවණීය අවසන් ගමන යාමට ඉඩ ලබා දිය යුතු ය. ’’
වෛද්‍ය මල්ලවආරච්චි මහතාගේ කණ්ඩායමට වෛද්‍ය සහ වෛද්‍ය නොවන වෘත්තිකයන් සමූහයක් ඇතුළත් අතර ඔවුන් සියළුදෙනාම ඔහුට මාරාණ්තික රෝගී සහන සේවය ක‍්‍රියාත්මක කිරීම සඳහා සහාය වේ. මෙම රෝගීන් සඳහා ඔවුන්ගේ සහාය තහවුරු කරමින් වෛද්‍ය මල්ලවආරච්චි සහ කණ්ඩායම අනිවාර්්‍යයෙන් සිදු විය යුතු දේවල් පැහැර නොහරී. ‘‘අපි රෝගීන්ට යථා තත්ත්වය පැහැදිලි කිරීමට හැකි සෑම උත්සහායක්ම ගන්නා අතර ඔවුන්ට හැගීම් පාලනය කර ගැනීමට අවශ්‍ය සහාය ලබා දෙන්නෙමු. අපි ඔවුන්ගේ පවුලේ අය සමඟ අවසානය දක්වාම සිටින්නෙමු. ’’
කාරුණික අවධානය සහ සැලකිල්ල ලබා දෙන කණ්ඩායම් සෑම දිස්ත‍්‍රීක්කයකම ස්ථාපිත කිරීමට වෛද්‍ය මල්ලවආරච්චි අදහස් කරයි. පුරවැසියෙකු ලෙස අන්අය කරන තෙක් බලා නොසිට සමාජයට යහපතක් වන වෙනසක් ඇති කිරීමට අපි උත්සහා කළ යුතු ය යන්න ඔහුගේ විශ්වාසයයි. ‘‘අපි ජීවත්වන සමාජ ශක්තිමත් කිරීම එහි සාමාජිකයින් වශයෙන් අපගේ වගකීම වන අතර මේ සඳහා අපි කරන්නේ කුමක් ද යන්න වැදගත් නොවේ.’’ අපි රටක් වශයෙන් ඉදිරියට ගමන් කරන්නේ එවිටය. අපගේ සමාජය ශක්තිමත් කිරීම සඳහා අපි සියළුදෙනාම කැපකිරීම් කළ යුතු ය. ’’

සත්‍ය දැකීමට අකැමති නගරයක ඉතාමත් දුෂ්කර යුද්ධයක නිරතව සිටින හුදකලා යුවතියකි සෙල්විකා සහාදේවන්. දත්තවලට අනුව යාපනය සහ නුවරඑළියට පසුව මෙරට තෙවෙනියට වැඩියෙන්ම මත්පැන් භාවිත කරන නගරය වනුයේ මඩකලපුවයි. මීට අමතරව පසුගිය අවුරුදු දෙක පුරා මත්ද්‍රව්‍ය භාවිතය ද වේගයෙන් වැඩි වී ඇත.
මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සමග ඇය ලද පළමු අත්දැකීම මඩකලපුව මනෝසමාජ මධ්‍යස්ථානයේ ඇය සේවය කරන කාලයේ ආරම්භ කළ අයුතු පරිහරණය සහ ඇබ්බැහිවීම පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන දක්වා දිව යයි.
කෙසේ නමුත් 2005 වසරේ දී පුනරුත්ථාපන මධ්‍යස්ථානයක අඩුව හදුනාගත් කැනඩාවේ වෛද්‍යවරයෙකුගේ පැමිණීම සමග විමෝචන නිවස ආරම්භ කිරීමේ මූලික කටයුතු දියත් කළ අතර 2011 දෙසැම්බර් 1 වෙනි දා සෙල්විකාට නිවස විවෘත කළ හැකි විය.
මතට ඇබ්බැහි වූ පියෙකු ළග හැදී වැඩුණු සෙල්විකාට මත්පැන්වලට ඇබ්බැහිවීම පෞද්ගලිකව බලපෑ ගැටළුවක් විය. විමෝචන නිවස ආරම්භ කළ පසු ඇයගේ යහළුවන් සහ නෑදෑයන් ඇබ්බැහිවූවන් සමාජයට තර්ජනයක් වන අතර කාන්තාවක් ලෙස ඔවුන්ට සහාය වීමෙහිලා ඇයට කළ හැකි දෙයක් නොමැති බව විශ්වාස කරන ලදි. කෙසේ නමුත් ඇයගේ සමීපතමයින් දිගින් දිගටම ඇය වෙත සහය දැක්වීය.
මුල් ව්‍යාපෘතිය ලෙස ආරම්භ කළ විමෝචන නිවස දැන් මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමෙහිලා සුරක්ශිත රැුකවරණයක් අභිබවා ගිය මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය වී ඇත. නේවාසික වැඩසටහන දින 45 ක් පුරා පැවැත්වෙන අතර එක් වරකට පුද්ගලයින් 15 දෙනෙකු ඇතුළත් කර ගනී. සහභාගීවූවන් විෂය නිර්දේශයක් අනුගමනය කරන අතර ඇබ්බැහිවීම ඇතුළුව තේමාවන් රැුසක් යටතේ අධ්‍යයනය කරයි. මධ්‍යස්ථානය යෝගා පංති ද පවත්වන අතර සහභාගිකයන්ගේ මනස වෙනතකට යොමු කිරීම සඳහා කාබනික ගේවතු වගාවක් ද පවත්වාගෙන යයි. 2011 සිට 2018 දක්වා 400 ක් පමණ පිරිස මධ්‍යස්ථානයට පැමිණි අතර සාර්ථකත්ව අනුපාතය 70% පමණ් වේ.
මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ට සහාය වීම තවදුරටත් ව්‍යාප්ත කරමින් කාන්තාවන් සඳහා ද මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට සෙල්විකා අදහස් කරයි. කාන්තාවන්ට සහාය වීම ද කාලීන අවශ්‍යතාවයක් බව ඇය විශ්වාස කරයි. සුරක්ෂිත නිවස යන්න ඇයගේ ඊළග බලාපොරොත්තුව වන අතර මේ හරහා වැඩසටහනට සහභාගීවූවන් ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් අතරට නැවත යාමට පෙර සිය ස්ථාවර අඩිතාලමක් ගොඩනගා ගැනීමට අවස්ථාවක් සැපයීම ඇයගේ අරමුණ වේ. අනෙක් අභිලාෂයන් වනුයේ නේවාසික වැඩසටහනට සහභාගී වීමට නොහැකි අයට බාහිර රෝගි සායනයක් ආරම්භ කිරීම සහ විරැුකියාව සහ අනෙකුත් ගැටළු නිසා මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවන තරුණයින් සඳහා වෘත්තීය පුහුණු වැඩසටහනක් පැවැත්වීම ය.
මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහන් පාසල්වල සහ ගම්වල අඛණ්ඩව පවත්වන සෙල්විකා ඇයට හැකි තරම් කාලයක් මෙම සේවාව සිදු කරන බව පවසයි. ‘‘මම සිතන්නේ නෑ මම සිදු කරන සේවාව නවත්වන්න පුළුවන් කියා. මම මෙම සේවාවට ආදරෙයි. මට කුඩා හෝ වෙනසක් කළ හැකි නම් එය මට ලොකු ජයග‍්‍රාහණයකි. මත්ද්‍රව්‍ය සහ මත්පැන්වලට ඇබ්බැහිවූවන් ද මිනිසුන් ය. ඔවුන්ටද ගෞරවයෙන් සැළකිය යුතු ය. අපි ඔවුනට උදව් කළහොත් ඔවුන්ගේ පවුල්වලට ආලෝකය ලබා දුන්නා හා සමාන ය.’’

ජිවිතයේ කුඩා කාලයේදීම සමීතපතමයෙකුගේ වෙන් වීම බොහෝ අවස්ථාවන් හිදී පුද්ගලයෙකුගේ ජීව්තය තුල තීරණාත්මක වෙනස්කම් සිදු කිරයි. ශනායා හට ඇයගේ ආදරණීය නැන්දණියගේ වෙන්වීම එවන් අවස්ථාවක් විය. නැන්දනියගෙන් වෙන් වීමේ දුක දරාගෙන ශනායා තම නැන්දණිය ගොදුරු වූ රෝගයෙන් පීඩා විඳින අයගේ ජීවිත අලෝකමත් කරන්නට තීරණය කරන ලදි.

බොහොමයක් පිලිකා රෝගින්ට සහායවීමට ඇයගේ ළමා කාලයේ විනෝදාංශය වූ ඡුායාරූපකරණය ඇයට උදවු විය. පසු කාලීනව ඇයගේ මව ද පිලිකා රෝගයට ගොදුරු වී ඇති බව දැන ගත් විට මෙම වෑයම ඇයට වඩාත් සංවේදී අරමුණක් බවට පත් විය.

ඇයගේ දෙමාපියන්ගෙන්, නෑදැයින්ගෙන් සහ මිතුරන්ගේ ලද අසීමිත ආදරය, සහාය සහ අනුබලය ඇතිව එවකට වයස අවුරුදු 10 ක් වූ ශනායා ඇයගේ අට හැවිරිදි නැඟනිය සමග පිලිකා රෝගීන් සඳහා අරමුදල් රැුස්කිරීම සහ ශ‍්‍රී ලංකාවේ වෙසෙන පිලිකා රෝගීන්ට හොඳ ප‍්‍රතිකාර සහ සේවාවන්හී අවශ්‍යතාවය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ අරමුණ ඇතිව 2011 දී න්‍දාෆෝටෝකෝස” :ඡුයදඑදජ්මිැ* ප‍්‍රදර්ශනය ආරම්භ කරන ලදි.

ආධුනික ඡයාරූප ශීල්පීන් ඔවුන්ගේ නිර්මාණ ඉදිරිපත් කිරීමෙහිලා දෙවසරකට වරක් දිවයින පුරා පවත්නා ඡුායාරූප ප‍්‍රදර්ශනයන්හී සහාය ද සමග මෙම ව්‍යාපෘතිය දැන් ස්ථිර අංගයක් බවට පත් වී ඇත. මෙලෙස සාර්ථකව පවත්නා ලද ප‍්‍රදර්ශන දෙකක ඡුායාරූප අලවිය තුලින් ලද රුපියල් 500,000 කට වැඩි මුදලක් පිලිකා සමාජය සඳහා පරිත්‍යාග කිරීමට ඇයට හැකිවිය .

මෙම වැඩසටහනට අමතරව ශනායා 2017 වසරේ දී ‘‘පිලිකාව තුරන් කරන්න අවදිවන්න’’ නමින් දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කරන ලදි. මෙම ව්‍යාපෘතිය යටතේ ‘අවේක් ” :්අ්නැ* සඟරාව ප‍්‍රකාශනය සහ බෙදාහැරීම මෙන්ම පිලිකා රෝගය කල්තියා හඳුනාගැනීම, පිලිකා රෝගය පිළිබඳව දැනුවත් කිරීම සහ පිලිකා රෝගය ජයගත් අය පිළිබඳ පුවත් ඇතුළත් වීඩියෝ පෙළක් බෙදාහැරීම ඇතුළත් විය.

සමහර වීඩියෝ 20,000 කට වැඩි පිරිසක් නරඹා ඇති බැවින් ජනතාව දැනුවත් කිරීමෙහිලා වීඩියෝ බෙදාහැරීම ඉතාමත් සාර්ථක බව ඔවුනට අවබෝධ විය. vන්‍දාමෙම වීඩියෝ නැරඹූ පිරිසගෙන් 1% කට බලපෑම් කිරීමට අපිට හැකි වුනා නම් ඉන් අදහස් වනුයේ පුද්ගලයින් 200 ක් දැනුවත් කළ බවයි. එම පුද්ගලයින් 200 දෙනාගෙන් 20 දෙනෙකුව පිලිකා රෝගය කල්තියා හදුනාගැනීමේ පරීක්ෂණ සඳහා යොමු කළ හැකි වුවා නම් අපි පුද්ගලයින් 20 දෙනෙකුගේ ජීවිත බෙරා ගෙන අපිට ලැබුණු ප‍්‍රතිචාර අනුව මෙම වැඩසටහන මිනිසුන්ගේ ජීවිත සඳහා යහපත්ව බලපා ඇති බව තහවුරු වේ.’’

දැන් විශාල දැක්මක් කරා පියනඟන ඇය 2019 මාර්තු මාසයේ දී දිවයින පුරා පාසල් 25 ක සහභාගිත්වයෙන් ප‍්‍රදර්ශනයක් පැවැත්වීමට සැලසුම් කරයි. ඇයගේ දිගුකාලීන අරමුණ වනුයේ 2030 දී සෑම පලාතකම පිලිකා හදුනාගැනීමේ මධ්‍යස්ථාන පිහිටුවීමය. මෙම අරමුණ ළගා කර ගැනීම පහසු ක‍්‍රියාවක් නොවන බව දන්නා ඇය මේ දක්වා ඇයගේ ගමනට සවියක් වුන ඇගේ හිතාදරයන්ගේ සහයත් සමග දැඩි අධිෂ්ඨානයෙන් මෙම අරමුණ කරා පියනගිමින් සිටී.

‘‘ඔබ සෑම විටම සුළුවෙන් ආරම්භ කළ යුතු ය. ඔබගේ උත්සාහය ඔබගේ අරමුණ කරා ඔබව ගෙන යයි. සමාජ සේවය සහ ස්වෙච්ඡුා සේවය තුළින් කිසි දිනක ප‍්‍රතිඋපකාර බලාපොරොත්තු නොවන්න. යමෙක් සතුටු කිරීම තරම් සතුටක් තවත් නැත. ’’ සුළු උපකාරයක් වුවද ඉතාමත් වටින බව විශ්වාස කරන ශනායා අන්අයට පිහිට වීම ප‍්‍රතිලාභ සහ පිළිගැනීම බලාපොරොත්තුවෙන් සිදු නොකළ යුතු බව පවසයි.

 

අනුග්‍රාහකත්වය  

United Nations Volunteers Sri Lanka © 2018